Colombo Today Local News

මාකඳුරේ මදූෂ්ගේ අවසන් ඉරණම ලියැවුනු හැටි

මාලිගාවත්ත ප‍්‍රදේශයේදී අද අලූයම සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදූෂ් නමැත්තාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරෙනවා.

අදාළ ස්ථානය ආශි‍්‍රතව සවිකර ඇති CCTV කැමරා ද පරීක්ෂා කරන ලෙසයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න්කෝන් ඒ පිළීබඳ විමර්ශන සිදුකෙරෙන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

මාලිගාවත්ත ප‍්‍ර‍්‍රදේශයේ පිහිටි ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණය තුළ සගවා තිබූ කෝටි 22 ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 22 ක් සොයා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලූයම මාකඳුරේ මදූෂ් එම ස්ථානයට රැගෙන ගොස් තිබුණා.

එහිදී බාහිර පාර්ශවයක් විසින් සිදුකරන ලද වෙඩි තැබීමකදී මාකඳුරේ මදූෂ් ජීවිතක්ෂයට පත්ව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

අද පෙරවරුවේ වෙඩි හුවමාරුව සිදුවූ එම ස්ථානයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සහ විමර්ශන කටයුතු ද ආරම්භ කෙරුණු අතර ඒ සඳහා උසස් පොලිස් නිලධාරීන් ද පැමිණ සිටියා.

අද පෙරවරුවේ වෙඩි හුවමාරුව සිදුවූ එම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සඳහන් කළේ වෙඩි තැබීම සිදුකළ බාහිර පාර්ශවය විසින් පොලිස් නිලධාරීන් ඉලක්ක කර ද සැලසුම් සහගතව වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති බවයි.

Related posts

තවුහිඩ් ජමාත් සංවිධානයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට අප්‍රේල් 11 බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබිලා

colombotoday

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ භාෂා පරිවර්තක වේලුපිල්ලේ මියයයි

colombotoday

එජාප ආසන 75 ක් ගත්තොත් මගේ වම් කන කපා ගන්නවා – මුතුහෙට්ටිගම කියයි

colombotoday

කෝප් කමිටුවෙන් අනුර ඉවත් වෙයි

Admin

කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගින්නක් – උපකරණ රැසක් අළු වෙයි

colombotoday

කොරෝනා මරණ භූමිදානය ඉතා අවදානම් | සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත පෙන්වා දෙයි

colombotoday