Colombo Today Local News

මහ බැංකුව හොරා කාපු අය හදවතක් පෙන්නගෙන රටේ ජනතාව මුලා කරන්න හදනවා

වෝහාරික වාර්තාව නෙවෙයි ජනතාව බලන් ඉන්නේ මහ බැංකුවේ හොරා කාපු අය හිරේට යන කල් යැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල මාවතගම මැටි බොක්ක ප්‍රදේශයේ පැවැති B”ශේණියෙ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහනට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

හාට් ඒකක් නැති මිනිස්සු තමයි හාට් එක ඉස්සරහට දාගෙන ඇවිල්ලා ඉන්නේ හදවතක් නැති මිනිස්සු මේ රටේ ගොවි ජනතාවගේ ආර්ථිකය විනාශ කරපු රටේ ආර්ථිකය විනාශ කරපු රටේ මහ බැංකුව හොරා කාපු මේ අය තමයි හදවතක් පෙන්නගෙන රටේ ජනතාව මුලා කරන්න හදන්නේ ඒ නිසා මම හිතන්නේ ජනතාවට ඉතාමත්ම හොඳයි ඉතාමත්ම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි හදවත් තියෙන නායකයා සහ පක්ෂය කොහෙද තියෙන්නෙ කියලා ..

ඒ කාලේ චෝදනා නැතුව අපිව හිරේ දැම්මේ 2015 කලින් අපි වංචා කරලා තිබුන නම් ඔබ හිතනව ද අනුර දිසානායකලා අරලියගහ මන්දිරයේ ඉස්සරහා දොරෙන් ගිහිල්ලා චම්පිකලා රාජිතලා කරපු විනාශය කොමිෂන්වලට අවශ්‍ය ඔවුන්ගේ නිලධාරීන් දාගෙන කරපු දේශපාලන දඩයම ඔබ හිතනවද මෙවර ජනතාව විශ්වාස කරයි කියලා වෝහාරික වාර්තාව නෙවෙයි ජනතාව බලන් ඉන්නේ මහ බැංකුවේ හොරා කාපු අය හිරේට යන කල් ජනතාව බලා ඉන්නේ ඒ නිසා එක්සත් ජාතික පක්ෂය හිතනවා නම් 2015 ට කළින් කතා කතා කරලා බලයට ආවේ දැන් කතා කරනවා පහුගිය අවුරුදු පහ ගැන රටේ ජනතාව ඒ නිසා ඔය මඩ වලට රටේ ජනතාව නිසි උත්තර දෙයි ඉදිරි මැතිවරණයේදී

Related posts

මොරටුවේ ද්විත්ව ඝාතනයකට අනුබල දුන් 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

colombotoday

වැලි ජාවාරම නිසා කලුගං මෝය අනතුරේ… මාල හොරුන්ගේ ගෝලයින් නලින්දගේ තුරුල්ලේ…

Charith Sankalpana

රැට්ටා, ජෙහාන් සහ ජගත් ඇතුළු අරගලකරුවන් 09ක් සැකකරුවන් ලෙස නම් කරයි

colombotoday

වන අලි අල්ලා හීලෑ කර විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි කරන්න යෝජනා වෙයි…

colombotoday

හොදින් හෝ නරකින් කොළඹ කුණු කන්ද පුත්තලම් කලපුවට… තවත් විනාශයක්….

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1189 දක්වා ඉහලට

colombotoday