Colombo Today Local NewsfeaturedNew Constitution

මහින්ද පන්නා 3/2 හදා ව්‍යවස්ථාව සම්මතකර ‘අසුර කල්ලියේ‘ කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි…

අනුරකුමාර–සුමන්තිරන්- රනිල් (අසුර) කල්ලිය සිදු කරන කුමන්ත්‍රණයක් ගැනත් ඉන් ගැලවිය හැකි මග ගැනත් මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය මුහුණු පොතේ සටහනක් යොදා තිබුණි. මෙහි දැක්වෙන්නේ ඒ සටහනයි.

ඔක්තෝබර් 26ට පෙර ඒකාබද්ධ විපක්ෂය ලෙස හැඳින්වූ කණ්ඩායමේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම නිසා ඔවුන්ගේ මන්ත්‍රීධුර අහිමි විය යුතු බව කිහිප දෙනෙක්ම ප්‍රකාශ කර ඇත (මේ මන්ත්‍රීවරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේ ඇයිද යන්න වෙනමම සාකච්ජා කළ යුතු දෙයකි). ඒ අතුරින් යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආබ්‍රහම් සුමන්තිරන් මහතා දක්වා ඇත්තේ තමන් ඒ සම්බන්ධයෙන් අධිකරණයට යන බවයි. අනෙක් පුද්ගලයන්ගේ කතා කෙසේ වෙතත් සුමන්තිරන්ගේ කතාව නොසලකා හැර සිටිය යුතු නොවේ. සම්බන්ධන් මහතා තමා තවමත් විපක්ෂනායක ලෙස ප්‍රකාශ කරන්නේ මේ කතාවේම කොටසක් ලෙසයි. සුමන්තිරන්ට අවශ්‍ය පෙරකී මන්ත්‍රීවරුන්ට ධුරය අහිමි කර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප ලැයිස්තුවල ඊලගට සිටින පිරිස පාර්ලිමේන්තුවට ගෙන ඒමටයි. එමගින් පාර්ලිමේන්තුවේ 2/3 ලබාගැනීමයි. දැනටත් පාර්ලිමේන්තුවේ 2/3 ලබාගැනීමට අනුරකුමාර–සුමන්තිරන්- රනිල් (අසුර) කල්ලියට මදිපාඩුව මන්ත්‍රීවරු 13ක් පමණි (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා විසින් දුමින්ද දිසානායක ඔස්සේ හසුරුවන 15ක කණ්ඩායමක් සිටින්නේ මෛත්‍රී-මහින්ද විරෝධී කඳවුරේය). 2/3 ලබා ගැනීමෙන් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ජය ගැනීමට මෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් කර ගැනීමේ අවස්ථාව ද අසුර කල්ලියට ලැබේ. අපට ලැබී ඇති තොරතුරු අනුව එවැනි තීන්දුවක් ලබා ගැනීමේ මූලික කටයුතු අසුරයන් මේ වනවිටත් සූදානම් කර හමාරය. ඇතැම් වෛද්‍යවරු ශල්‍යකර්ම භාර ගන්නේම එහි ප්‍රතිඵලය ගැන ඥාතීන්ට ප්‍රකාශ කරය. විනිසුරුවරුන් අතර ද එවැන්නන් සිටී ද යන්න ගැන මට අවබෝධයක් නැත.

අප මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්නේ කෙසේද?

“අප පොහොට්ටු සාමාජිකත්වය ලබා ගත්තේ නැත, අයදුම්පතක් භාර දුන්නා පමණි” ආදී කතා ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කරනු අපි දුටුවෙමු. එහෙත් ඇතැම් මන්ත්‍රීවරු තම සාමාජික කාඩ් පත ද සහිතව මුහුණු පොතේ සටහන් යොදා තිබුණි; ට්වීටර් පණිවිඩ නිකුත් කර තිබුණි. මේ නිසා එම තර්කය වලංගු වන්නේ නැත. 2015 අගෝස්තු මහා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බුලත් කොලයෙන් තරග කර තේරී පත් වූ මේ මන්ත්‍රීවරු පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත්තේ 2018 නොවැම්බර් මස 11 දිනය. එනම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරි නොවැම්බර් 9 සිකුරාදාට දින දෙකකට පසුය. විසුරුවා හැරීම සම්බන්ධයෙන් අතුරු තහනමක් ලබා දුන්නේ නොවැම්බර් 13 දිනය. එනම් මෙකී (හිටපු) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගෙන ඇත්තේ පාර්ලිමේන්තුව විසිර වූ පසු අනාගත මැතිවරණයකට දින නියම කර තිබියදී එම මැතිවරණයට තරග කිරීමේ බලාපොරොත්තුවෙනි. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 13 අතුරු තහනම් නියෝගයක් ලබා දී දෙසැම්බර් මස 13 දින පාර්ලිමේන්තුව විසුරවීම බල රහිත කරද්දී තව දුරටත් මැතිවරණයක් පිලිබඳ බලාපොරොත්තුවක් නැති නිසා පොහොට්ටුවෙන් තරග කිරීමේ අවශ්‍යතාව ද මේ මන්ත්‍රීවරුන්ට නැති විය. පාර්ලිමේන්තුව විසිර වීමක් සිදු නොවූ නිසා මෙකී මන්ත්‍රී කණ්ඩායම නොවැම්බර් 9 දින තත්වයට යළි පත්වේ (ඒ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් වරයා සනාථ කර ඇත). කොටින්ම ඔවුන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස නොවේ. එහෙයින් මන්ත්‍රීවරයකු පක්ෂ මාරුකිරීමෙදී බලපාන නීතිමය තත්වයන් කිසිවක් මේ පිරිසට වලංගු නොවේ.

නිරවුල් ලෙස අදහස් ප්‍රකාශ නොකළහොත් මෙහි වාසිය අසුරයන් ලබා ගෙන අප නොසිතන විනාශයක් කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබේ. ඉදිරි වසර සුර-අසුර සටනේ තීරණාත්මක කාලයකි.

– චන්න ජයසුමන fb

Related posts

කිසිඳු කොරෝනා ආසාදිතයකු අද දවසේ හමු නොවෙයි.

colombotoday

දුම්රියේත් යහපාලනය තිතටම.. ඇබෑර්තු ඇත.. තනතුරු ඇමති හෙංචයියන්ට පමණයි !

colombotoday

ඇමරිකාවත් සෙලවෙයි

Admin

උඩරට වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කරයි

Admin

රහතුන් වහන්සේ වැඩ සිටි කුරගල මුස්ලිම් පුද බිමක් වුණ හැටි, ඔබ නොදැන සිටි කතාව මෙන්න

colombotoday

අර්බුද වලට හේතුව මළහිරු බසිනා හැන්දෑවේ අමු සොහොනක දිවුරුම් දීමයි…

colombotoday