Colombo Today Local News

රටට යහපාලනය උදාකර වසරයි.. ප්‍රීතිය සමරා සතියක් තිස්සේ ජාතික කොඩි ඔසවන්නලු

එන ජනවාරි 08 වැනිදාට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කර රටට යහපාලනය උදා වී වසරක් ගතවීම සැමරීම සදහා ජනවාරි 01 වැනිදා සිට සතියක් පුරා සෑම නිවසකම ජාතික කොඩියක් ඔසවා තබන්නැයි එජාප මහලේකම් කබීර් හෂීම් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ ඉල්ලීම කළ අතර ශ්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතාද එයට සහභාගී වී සිටියහ.

මීට අමතරව මෙම සතිය තුළදී අමාත්‍යාංශවලද ජාතික කොඩිය ඔසවා තබන බවත්, ඊට සමගාමීව රටේ සංවර්ධනයට අදාළ කටයුතු රාශියකුත් සිදුකිරීමට කටයුතු කරන බවද කබීර් හෂීම් ඇමතිවරයා පවසා සිටියේය.

Related posts

ඇප ලැබුණු පොඩි ලැසී ඉන්දියාවෙන් මතුවෙයි

Admin

තැඹිලි ඩොලර් කරන්න වැඩපිළිවෙළක්

Admin

ශ්‍රීලනිප ප්‍රබල ඇමති 5ක් බැසිල් හමුවේ.. ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න සියල්ල සූදානම් !

colombotoday

වසරක් තුළ මෙරට ආහාර උද්ධමනය දස ගුණයකින් ඉහළට

colombotoday

දීපාවලී දිනය දා කොටි සිරකරුවන් නිදහස්!

colombotoday

සියවසේ දැවැන්තම වන විනාශය විල්පත්තුවේ තවම නිමා නැත

colombotoday