Colombo Today Local NewsTop Stories

මහින්දානන්දට විරුද්ධව නඩු කියන්න අල්ලස් කොමිසම සූදානමින්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අවශ්‍ය කරුණු අධ්‍යනය කරමින් සිටින බව අල්ලස් කොමිස අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.

ඒ එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවු අවස්ථාවේදීයි.

අල්ලස් කොමිසම අධිකරණයට කියා සිටියේ සිද්ධියට අදාළව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් හැකියාවක් පවති ද යන්න පිළිබඳව අධ්‍යයනයක නිරත වන බවයි.

එහි ප්‍රගතිය පිළිබඳව කරුණු දැක්වීමට තවදුරටත් කල් ලබා දෙන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම නඩුව දිගින් දිගටම ප්‍රමාද වන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි මහේස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත්තේ.

එම නිසා නඩුව සම්බන්ධයෙන් වන ප්‍රගතිය අප්‍රේල් මස 30 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස ද අල්ලස් කොමිසමට නියම කර තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම තුළින් රුපියල් කෝටි පහකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වී ඇත්තේ.

Related posts

නිරෝධායන නීති යටතේ ජනතා විමුක්ති පෙරමුණට නඩු

colombotoday

අගමැතිගේ 40වසරක පාර්ලිමේන්තු දිවි සැමරුමට දුප්පත් පවුලකට නව නිවසක් (Photo)

colombotoday

පළාත් පාලන ආයතනවල ප්‍රමුඛ කාර්යය ඩෙංගු රෝගය පාලනය කිරීමයි – ඇමති ප්‍රසන්න කියයි

Admin

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඌවේදී පරාදයි !

colombotoday

සමයංගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි

Admin