Colombo Today Local News

මහින්දට, ගෝඨාභයට හමුදා ප්‍රධානීන්ට ‘‘අතුරුදන්වූවන්ගේ පනත“ හරහා එතෙරදී නඩු… චෝදනාව සමූලඝාතන

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය සහ එවකට සිටි ත‍්‍රිවිධ හමුදාපතිවරුන් වන සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ සහ රොශාන් ගුණතිලක යන හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව සමූලඝාතන චෝදනා මත නඩු ගොනු කිරීමේ මෙහෙයුමක් කොටි ඩයස්පෝරාවේ නීතිවේදිනී සිවානි ත්‍යාගරාජා ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය ඇමරිකානු නීතිවේදීන් පිරිසක් විසින් දියත් කර ඇත.

 මෙම මෙහෙයුම ලන්ඩන් පාර්ලිමේන්තුවේ ශාලාවක පැවැති සාකච්ඡාවකදී තීරණය වී තිබේ. 2019 ජනවාරි මස මේ නඩු බි‍්‍රතාන්‍ය අධිකරණයේදී ගොනු කෙරේ.

 ශ‍්‍රී ලංකා රජය අතුරුදන්වූවන්ගේ පනත සම්මත කර ඇති නිසා ඔවුන්ට එරෙහිව නඩු ගොනු කිරීමේ මාර්ගය විවෘත වී ඇති බව එම ඩයස්පෝරා නීතිවේදීන් ප‍්‍රකාශ කර ඇත.

 එසේම ලබන මාර්තු මස ජිනීවා නුවර පවත්වන 40 වැනි මානව හිමිකම් සමුළුව හමුවේ ද ඉහත කී පිරිසට වෙන වෙනම සමූලඝාතන චෝදනා ඉදිරිපත් කිරීමට ද කොටි ඩයස්පෝරාව තීන්දු කර තිබේ.

 බි‍්‍රතාන්‍යයේ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ ලේකම් නීතිවේදී ජයරාජ් පලිහවඩන මහතා මේ මෙහෙයුමට අදාළ තොරතුරු ‘ඉරිදා දිවයින’ට හෙළි කළේය.

 ඊට අමතරව හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙතද යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

දිවයින

Related posts

ප්‍රතිපත්තිමය තීරණයන්ට පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන්න – මහ බැංකු අධිපති

colombotoday

ලංකාව අවදානම් රටක් ලෙස නම් කෙරේ… ලොව ආපදා බහුලම රටවල් අතර සිව්වැනි තැනට

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක් – ඇමති විජදාස මංගල සහ මාරපන සමග ගැටෙයි

colombotoday

සහකාර පොලිස් අධිකාරීවරුන් 16ක් පොලිස් අධිකාරී නිලයට

colombotoday

යුද්ධය කළ බුද්ධි අංශ නිලධාරීන් දැන් නාකියි.. ඔවුන් ගෙදර යවා අපි නවීන හමුදාවක් හදනවා !

colombotoday

විරෝධාර රණවිරුවන්ට කෘතගුණ දැක්වීම සදහා මිහිදු සෙත් මැදුරට පිහිණුම් තටාකයක් ජනපති ලබාදෙයි

colombotoday