පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවලට අනුව මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වී නොමැති බව ඇමති උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සමග ඊයේ සවස පැවති සර්වපාක්ෂික හමුවෙන් පසුව මාධ්‍ය අමතමිනි.
මේ අතර මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ පවතින ගැටලු ස්ථාවර නියෝගවලට අනුකුලව පාර්ලිමේන්තුව තුල සාමකාමීව විසඳා ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී සියලු පක්ෂ නායකයින්ට දැනුම් දුන් බවයි.