රට වටා

මහින්දගේ ආරක්ෂක පෙර ගමන් රථයක් අනතුරට ලක් වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක පෙරගමන් රථයක් පේරාදෙණිය පොලිස් බල ප‍්‍රදේශයට අයත් කිරිබත්කුඹුර ප‍්‍රදේශයේදී අනතුරට ලක්වුණා.

ආරක්ෂක ජීප් රථයක් ත‍්‍රීරෝද රථයක ගැටීමෙන් අද පෙරවරුවේ මේ අනතුර සිදුව තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ආගමික උත්සවයකට ආරක්ෂාව ලබාදීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළු රැගෙන ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් හා ත‍්‍රීරෝද රථයක් ගැටී අද පෙරවරු 6.30 ට පමණ මේ අනතුර සිදුවුණා. අනතුරින් තුවාල ලැබූ ත‍්‍රීරෝද රථ රියදුරා පේරාදෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය වී ඇති ත‍්‍රීරෝද රථය පෞද්ගලික බස් රථයක ගැටී ඊට පිටුපසින් ධාවනය වූ ඩිෆෙන්ඩරයේ ගැටීමෙන් අනතුරුව මාර්ගයේ පෙරලී ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ත‍්‍රීරෝද රථයේ රියදුරා අධික ලෙස බීමත්ව සිටි බව හෙළිව ඇති බවත් ඔහු සන්තකයේ රියදුරු බලපත‍්‍රයක් ද නොතිබූ බවත් පේරාදෙණිය පොලිසිය සඳහන් කළා.

 

Related posts

අස්වූ ඇමතිවරයාගේ ඉඩම් කොල්ලයට වීරවංශත් සම්බන්ධයි – රංගේ බණ්ඩාර

colombotoday

විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යාලයක් යාපනයට

colombotoday

එක්සත් ශ්‍රී ලංකාවක් තුල උතුරට විසදුම් ගේනවා – විපක්ෂ නායක ආර්.සම්බන්ධන්

colombotoday

කැප්පෙටිපොළ වීරයාගේ අවසන් මොහොත ගෙවුණු හැටි

colombotoday

කුවේට් හි විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ඉහළට

colombotoday

වෛද්‍යවරු වැඩ වර්ජනයක

colombotoday