මහ මැතිවරණයේදී වැඩි ආසන ගණනක් ජයග්‍රහණය කරමින් සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා බවට පත්කිරීමට කටයුතු කරන බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් පවසයි.
හෙතෙම සදහන් කරන්නේ ඉදිරි මැතිවරණයේදී අගමැතිවරයා තීරණය කිරීමේ ශක්තිය බවට පත්වන්නේ සුළු ජනකොටස් බවයි.
රට පුරා සුළුජන ඡන්දවලින් ආසන 113ක්වත් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගනිමින් සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා බවට පත්කරන බවද මන්ත්‍රීවරයා කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ පසුගිය 4 වනදා කින්නියා හිදී පැවැති ජනහමුවක් අමතමිනි.