World

මහමත් මුණුබුරා වෙනුවෙන් තම දරුවන්ගේ ලේ හලන අෂුරා උත්සවය මුස්ලිම් භක්තිකයන් සමරයි – Video

shura

ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව ඇතුළු ලොව පුරා ෂියා ඉස්ලාම් බැතිමතුන් පසුගිය සෙනසුරාදා දිනයේ දී අෂුරා උත්සවය සමරා ඇතැයි වාර්තා වේ. ඉස්ලාම් බැතිමතුන් වීදි බැස ලේ ගලන තුරු කඩු පිහි හා තියුණු ආයුධ වලින් ශරීරය කපාගෙන ඇති අතර මේ සදහා වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන්ද සහභාගී කරගෙන තිබේ. මෙහි දී චාරිත්‍රයක් ලෙස තම දෙමව්පියන් විසින් තියුණු ආයුධයකින් කුඩා දරුවන්ගේ නලල කපා දමන බව පැවසෙයි.

අෂූරා දිනය සමරන්නේ මහම්මත් තුමාගේ මුණුපුරකු වූ ඉමාම් හුසේන්ගේ මරණය සිහිපත් කරමිනි. ක්‍රි.ව. 680 දී ඉරාකයේ බැග්ඩෑඩ් ආසන්නයේ පිහිටා ඇති කර්බාලාහීදී උමයියාඩ් කාලිෆ් රාජ්‍යය සමග සිදුකළ සටනේ දී ඉමාම් හුසේන් ඝාතනය කරල ලදි. ඝාතකයින් විසින් ඉමාම් හුසේන්ගේ සිරුර කැබලිවලට කපා දමන ලද බව ඉස්ලාමීය ඉතිහාසයේ සදහන් වේ.

මුහාරා මාසයේ දසවන දිනයේදී සිදුවූ හුසේන් ඝාතනයේදී ඔහු දැරි වේදනාව වසර 1300ක් පුරා අෂුරා දිනයේදී සමරන බව පැවසේ. ඉස්ලාමීය ඉතිහාසඥයන් පවසන්නේ ඉස්ලාමය තුළ සුන්නි හා ෂියා නිකාය භේදය හටගැනීමට ඉමාම් හුසේන්ගේ ඝාතනය ප්‍රබල බලපෑමක් වූ බවයි. අෂුරා දිනයේදී සිදු කෙරෙන සාහසික ස්වපීඩක ක්‍රියාකාරකම් දැඩි විවේචනයට ලක් ව ඇති අතර දැඩි මතධාරී නොවන ෂියා පූජකයන් විසින් බැතිමතුන්ට උපදෙස් දී ඇත්තේ රෝහලකට ගොස් ලේ දන් දෙන ලෙසයි.

Related posts

උතුරු කොරියාවට ආහාර හිගයක් – නායක කිම් ජොන් උන් නිල වශයෙන් දන්වයි

colombotoday

ජර්මනිය ඉස්ලාම් විරෝධයෙන් ඇවිලෙයි – ව්‍යාපාරික ස්ථානවලටත් පහර දෙයි

colombotoday

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස්දහස ඉක්මවයි

colombotoday

අමෙරිකාවේ බන්ධනාගාර තුළ කොරෝනා පැතිරෙයි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට, අයතුල්ලා අලි කමෙනි ගෙන් මරණීය තර්ජන

colombotoday

මුස්ලිම් රටවලින් පැමිණෙන ගුවන්යානා සදහා එංගලන්තයෙන් තහනමක්

colombotoday