Colombo Today Local News

මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා දේශපාලන කෑදැත්තන් ද?

2019 ජූනි 10 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

පසුගිය මැයි 31 දා මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ලංකාවට විදේශීය හමුදාවන් ගේන්න එපා කියා ඉල්ලීමක් කළා. පෙරේදා පා ච රණවක ඇමතිතුමා ප්‍රකාශයක් කරමින් විදේශ හමුදාවන් ලංකාවට ගේනවා කියා බොරු බියක් ඇති කරන්න දේශපාලන කෑදැත්තන් උත්සාහ කරනවා කියා චෝදනා කළා. රණවක ඇමතිතුමා දේශපාලන කෑදැත්තන් කියා අපහාස කරන්නේ මහනායක ස්වාමින් වහන්සේලාට සහ කාදිනල්තුමාට නොවේ ද? කෑදැත්තා කියන්නේ හොට වක්‍රව තිබෙන කුරුල්ලෙක්. දේශපාලන කෑදැත්තා කියන්නේ වක්‍රව දේශපාලනය කරන අයටයි. මේ ඇමතිතුමා කියන්නේ මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා වක්‍රව දේශපාලනය කරන බව නේද?

මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා බොරු බියක් මවන්නේ නෑ. උන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ සහතික ඇත්ත. 2007 දී අත්සන් කළ Acquisitions and Cross Servicing Agreement නැතිනම් ඇක්සා ගිවිසුම පිටු 7යි. නමුත් 2017 දී අත්සන් කළ ගිවිසුමේ පිටු 54යි. මේ ගිවිසුමට ඇතුළත් කළ අළුත් කරුණු මොනවාද? ඒ ගිවිසුම ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි? ඒ වගේම මැයි 15 සිට 17 දක්වා ඇමෙරිකාවේ ගත කළ තිලක් මාරපන ඇමතිතුමා එහි දී සාකච්ඡා කළ Status of Forces Agreement හෙවත් සෝෆා ගිවිසුම ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි? ඇමෙරිකානු හමුදාවන්ට නිල ඇඳුම් ඇඳගෙන අවි දරාගෙන ලංකාවේ ඕනෑම තැනක ඇවිදින්න පුළුවන් වන බවත් ඔවුන් මොන අපරාධයක් කළත් තානාපති මුක්තිය හිමි වන බවටත් වගන්ති ඒ ගිවිසුමේ අඩංගු බව මාධ්‍ය වාරතා කළා. ඒක බොරු නම් ඇත්ත කෙටුම්පත රටට ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි?

අවුරුදු පහකට බලයට එන ආණ්ඩු වලට අවුරුදු 10ක් 35ක් හෝ 99ක් රට ගැට ගැසෙන ගිවිසුම් අත්සන් කරන්න බැරි වන ආකාරයෙන් අපේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි කියා අපි යෝජනා කරනවා.

Related posts

එට්කා සහ මෙරට ආර්ථික ඝාතකයෝ !

colombotoday

ලංකාව ඇතුළු රටවල් 12කට සෞදියට ඇතුළුවීම තහනම්

colombotoday

‘ඒකීය රාජ්‍ය අපි පිළිගන්නෑ.. ඉඩම් පොලිස් බලය සමග උපරිම බලය බෙදීමක් ඕනෑ‘ – සම්බන්ධන්

colombotoday

අනුරට කරගන්න බැරුව දාල ගියාට පස්සේ අපි බාර ගන්නවා

Admin

බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට තර්ජනය කළ පොඩී ලැසී ගැන ගත් තීරණය

colombotoday

ප්‍රධාන සමාගම් දෙකක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවමත් අඩු කර නැහැ

Admin