World

මව්රටට පැමිණීමට නොහැකිව ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුහු 100 ක් නේපාලයේ හිර වෙති

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නේපාලයේ පොක්කාරා හි පිහිටි මනිපායි වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීම නිසා එම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් 88 දෙනෙකු සහ කත්මන්ඩු වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් ඇතුළු 100 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමීණීමට නොහැකිව සිටින බව ලංකාදීප වෙබ් අඩවිය අද (24) වාර්තා කර ඇත.

වයිරස පැතිර යන අවස්ථාවක නේපාලය තුල සංවිධානාත්මක සෞඛ්‍ය සේවාවක් නොමැති වීමත් , නේපාලයේ සංචාරක ආකර්ෂණීය ස්ථානය වූත් , කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 200 ක් ඈතින් පිහිටි විදේශිකයින්ට බහුල ප්‍රදේශයක මනිපාල් වෛද්‍ය පීඨය පිහිටීමත් නිසා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන්ගේ තත්ත්වය අවදානම් බවද මානිපාල් වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවකගේ පියෙකු වන වෛද්‍ය එස්.කස්තුරි මහතා පැවසීය.

කත්මන්ඩු වෛද්‍ය පිඨය වසා දැමීමෙන් එහි සිටින වෛද්‍ය සිසුන්ටද මෙම අවදානම් තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බවද වෛද්‍ය කස්තුරි මහතා පෙන්වා දේ.

එහෙයින් කෙසේ හෝ තම දරුවන් නැවත ලංකාවට ගෙන්වා දෙන්නැයි රජයෙන් හා අදාළ බලධාරීන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ඔහු කීය.

මේවන විට එහි පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට පැමිණීමට අපේක්ෂායෙන් සිටියද , මෙරට කටුනායක ගුවන්තොටුපොළ වසා දැමීමමෙන් දැනට ක්‍රියාත්මක ගුවන් සේවා වලින් හෝ තම දරුවන්ට පැමිනීමට නොහැකි වීමෙන් ඔවුන් තවත් අසරණ වී ඇති බවද වෛද්‍ය කස්තුරි මහතා කීය.

⁣එම ශිෂ්‍යයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය ගුවන් ටිකට් පත් වලට වැ⁣යවෙන මුදල දැරීමට දෙමව්පියන්ට හැකිවක් පවතින බැවින් කෙසේ හෝ රජයේ මැදිහත් වීමෙන් විශේශිත ගුවන් යානයක් හෝ නේපාලයට යවා තම දරුවන් ගෙන්වා දෙන ලෙස ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරින් ගෙන් ඉල්ලීමක් කරන බවද වෛද්‍ය කස්තුරි මහතා කීය.

එසේ රජය විසින් තමන් දරුවන් ගෙන්වුවද , කොරෝනා වයිරස පාලනය කිරීමට ගෙන ඇති රජයේ පියවර යටතේ නිරෝධනයට පවා යොමු වීමට එම දරුවන් කැමැත්තෙන් පසුවන බැවින් ⁣ ඉතා හැකි ඉක්මනින් මෙම දරුවන් පිරිස මෙරටට ගෙන්වා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය .

Related posts

අවුරුදු 10 මුස්ලිම් දරුවෙක් “terraced house” වෙනුවට “terrorist house” වැරදීමෙන් ලියයි – ගුරුවරු පොලිසිය කැදවයි

colombotoday

මිනිසුන් නිර්මාණය කළ පියාඹන පීරිසිය

Admin

ජයලලිතාගේ අනුප්‍රාප්තිකයා ලංකාවට එරෙහිව පළමු ලිපිය මෝදිට ලියයි !

colombotoday

ICC ප්‍රධාන විධායක නිලධාරියා ධූරයෙන් පන්නයි

colombotoday

ඇමරිකාවෙන් සිරියාව ඉලක්ක කර මිසයිල 100 ක ප්‍රහාරයක්

colombotoday

බ්‍රිතාන්‍යයේත් බුර්කාව තහනම් වල ලකුණු ! 57%ක් බුර්කාව එපා කියයි

colombotoday