Colombo Today Local News

මරණ දඩුවම නියම වූ සිරකරුවන් දූපතකට

බරපතළ අපරාධවලට සම්බන්ධ වූ සහ මරණ දඩුවම නියම වූ සිරකරුවන් මඩකලපුවේ දූපතක ස්ථානගත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධිකරණ, මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

කොළඹ දී ඊයේ (10)දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, දැනට මඩකලපුවේ ළාඳුරු රෝගීන් සඳහා වෙන්කර තිබු මෙම දූපතේ දැනට සිටින්නේ රෝගීන් දෙදෙනෙකු බවයි.

මේ වන විට ඔවුන් ද සුවය ලබමින් සිටින බවද පැවසු අමාත්‍යවරයා, සෞඛ්‍ය අංශවලින් මේ වන විට එම දුපත බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පවරා ගෙන බරපතළ අපරාධකරුවන් හා මරණ දණ්ඩනයට නියම වු අපරාධකරුවන් එහි ස්ථාන ගත කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව අවධානය යොමුව ඇතැයි ද පැවසීය.

මේ සඳහා කෙටි කාලයක් ගත වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Related posts

ජාතික ගීය දෙමළෙන් ගයන්න චම්පික බෑ කියයි… විරෝධය දක්වන්න නිදහස් උළෙලට නොයයි

colombotoday

මහින්ද සීයා කෙනෙක් වෙයි !

colombotoday

ලංකාවේ ආරක්ෂක තත්ත්වය හා සංහිදියාව ගැන ඇමරිකාවේදී සාකච්ඡා!

colombotoday

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරය කොටි අවතාර යටතට?

colombotoday

සජිත්ට නාමයෝජනා දෙන්න රනිල් ඇතුළු ජේෂ්ඨයෝ නොඑති.

colombotoday

එජාපය පාර්ලිමේන්තුවේදී – ශ්‍රීලනිපය ජනපති නිල නිවසේදී වෙන වෙනම සාකච්ඡා

colombotoday