Colombo Today Local News

මරණ දඩුවමට ශ්‍රී ලංකාව එරෙහිවෙයි

මරණ දඩුවම පැනවීම තාවකාලිකව නැවැත්වීමට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුගිය සතියේ ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව සිය ඡන්දය භාවිත කර තිබෙනවා.

බ්‍රසිලය විසින් රටවල් 83 කගේ සම අනුග්‍රහකත්වය මත මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළා.

එයට පක්ෂය රටවල් 121 ක් ඡන්දය භාවිත කළ අතර විපක්ෂව රටවල් 35 ක් සිය ඡන්දය භාවිත කරනු ලැබුවා.

තවත් රටවල් 31 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටි බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ඇමෙන්ස්ටි්‍ර ආයතනයට අනුව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්  193 ක් අතරින් රටවල් 103 ක මරණ දඩුවම තහනම් කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව තුළ මරණ දඩුවම නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වුවහොත් ඔවුන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඒ සඳහා ඇතැම් කණ්ඩායම් විරුද්ධතාවය ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද ඒ අතර වනවා.

කෙසේවෙතත් 1976 වසරෙන් පසුව ශ්‍රී ලංකාව තුළ මරණ දඩුවම ක්‍රියාත්මක කර නැහැ.

Related posts

ඇවන්ට්ගාඩ් 4,5 හා 6 සැකකරුවන් රිමාන්ඩ්

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ට එරෙහි නඩුව කල්යයි

Admin

මනමාලිගේ සැමියා මංගල දා රැ 51කේ මනමාලයාගේ ගෙල කපා මරාදමලා

colombotoday

වගාව රැක ගන්න ගිය තිදරු පියාට අත් වූ ඉරනම

Admin

අගමැතිගේ නිවස අසල විරෝධතාවක්

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday