බන්දුලාල් බණ්ඩාරිගොඩ 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දින දිවුරුම් දුන්නා.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ මනුෂ නානායක්කාර මහතාට සිය පාර්ලිමේන්තු අසුන අහිමිවීම හේතුවෙනි.
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 09 වනදා තීන්දු කළේය.