Colombo Today Local News

මන්නාරම තාරාපුරම් ගම්මානය හුදකලා කරයි

කොරෝනා වයිරසය ආසාදනය වූවකු සංචාරය කිරීම හේතුවෙන් මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තාරාපුරම් ගම්මානය නැවත දැනුම්දෙනතුරු එහි පදිංචිකරුවන්ට එම ගම්මානයෙන් පිටතටයාම ඊයේ (08) සිට තහනම් කර ඇතැයි මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

තාරපුරම් ගම්මානයේ අවමගුලක් සඳහා කොරෝනා වයිරසය ආසාදානය වූ අයෙකු පුත්තලම සිට පැමිණි බවට අනාවරණයවීම හේතුවෙන් තාරාපුරම් ගම්මානය මෙලෙස හුදකලා කර  පිටස්තර පුද්ගලයින්ට ඇතුළුවීම හා නිවැසියන්ට නිවාසවලින් පිටතට පැමිණීමද තහනම්කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේය.

ඉන්දුනීසියාවේ සංචාරය නිරතව පැමිණ නිවසේ ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම්දී තිබූ පුද්ගලයකු පසුගිය 18 වැනිදා තාරාපුරම් ගම්මානයේ අවමගුල් උත්සවයකට සහභාගීවී ඇති අතර පසුගියදා (07) ඔහුට වයිරසය ආසාදනයවී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.ෙ

මේ වන විට තාරාපුරම් ගම්මානයට කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි අයුරින් පොලිසිය හා යුද හමුදාව එක්ව මාර්ග බාධක හතක් යොදා ගම්මානයට ඇතුළුවන මාර්ග සියල්ල වසාදැමූ බව මන්නාරම පොලිසිය පැවසීය.

ගම්මානයේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම මන්නාරම ප්‍රාදේශිය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සිදුකරන අතර එම ගමන්ගන්නා සියලු රථවාහන විෂබීජහරණය කොට ඇතුල්වීමට හා පිටවීමට අවශ්‍ය පහසුකම් සලසාදී ඇති බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

Related posts

ලැබීමට නියමිත ‘ලෝකයේ හොදම පාර්ලිමේන්තුව‘ සම්මානයට කැළලක්… රන්ජන් අඩියක් පස්සට ගනී…

colombotoday

අතුරු සම්මත ගිණුමට සහය දෙනවාද නැද්ද? සන්ධානයේ තීරණය මෙන්න

colombotoday

වැල්ලම්පිටියේ සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

ඥාණසාර හිමි ගැන තීරණයක් ගැනීමට බුද්ධ ශාසන ඇමති ජනපති හමුවෙයි

colombotoday

හිමිනමගෙන් කෝටි 2ක් ඉල්ලා පුත්තලම දිසා ලේකම් එන්තරවාසියක් යවලා

colombotoday

ශ‍්‍රීලනිපය 03 වැනිදා ආණ්ඩුවෙන් ඉවතට

colombotoday