30 C
Colombo
5 April 2025
Colombo Today Local News

මන්නාරමේ සොහොනකින් හමුවූ ඇටකටු DNA පිරික්සුමට රට පටවයි

මන්නාරම තිරුකේතීස්වරන් ප්‍රදේශයේ සමූහ මිනීවලකින් 2013 වසරේ ගොඩ ගත් මිනිස් ඇටසැකිලි 88ක් ඩී.එන්.ඒ පරීක්ෂණය සදහා විදේශ රටකට යවන ලෙස ‍මන්නාරම මහෙස්ත්‍රාත් එම් ඇලෙක්ස්රාජා මහතා නියෝ කළේය.

යුගෝස්ලෝවියාව, ආර්ජන්ටිනාව සහ ගෝතමාලාව යන රටවලින් එකකට මෙම ඇටසැකිලි යවා පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමටයි මෙසේ අධිකරණයෙන් අවසර ලැබී තිබෙන්නේ.

එහෙත් මෙම ඇටසැකිලි සම්බන්ධයෙන් මුලින් පරීක්ෂණ සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරී ධනංජය වෛද්‍යරත්න බීබීසී සන්දේශයට පවසා ඇත්තේ මිනිස් ඇටසැකිලි සම්බන්ධයෙන් ඩී.එන්.ඒ මට්ටමේ පරික්ෂණයක් කිරීමට ඒවා විදෙස් රටකට යැවීමට අවශ්‍ය නොවන බවයි.

ඇටසැකිලි එකින් එක පරීක්ෂා කර වයස, ස්ත්‍රී පුරුෂභාවය සහ මිය යෑමට හේතුව ශ්‍රී ලංකාවේ රසායනාගාරක් තුළදී පරීක්ෂා කළ හැකි බවත් දැනටමත් එවැනි පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් සිදු කෙරෙන බවත් වෛද්‍යරත්න මහතා පවසයි.

තිරුකේතීස්වරන් මිනී වල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලීසිය අධිකරණයට වාර්තා කර ඇත්තේ මීට වසර ගණනාවකට පෙර එම ස්ථානයේ සුසාන භූමියක් තිබූ බැවින් මෙම ඇටසැකිලි එම ප්‍රදේශයේ ස්වාභාවික අන්දමින් මියගිය පුද්ගලයන්ගේ ඒවා විය හැකි බවයි.

නමුත් රහස් පොලීසියේ වාර්ථාවට විරෝධය පළ කරමින් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් පවසා තිබුණේ රහස් පොලීසියේ වාර්තාව සාවද්‍ය බවයි.

මන්නාරම අධිකරණය ඩීඑන්ඒ පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කොට ඇත්තේ මෙම පරස්පර අදහස් සහ මත පිළිබදව ස්ථිර නිගමනයකට එළඹීම පිණිසයැයි සදහන් වේ.

Related posts

රනිල් හා දිනේෂ් රහස් පොලිසියට

Admin

අභිනව ජනපති රනිල් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙන්න අවසර ඉල්ලයි

colombotoday

වැලිසර නාවික කඳවුරේ තවත් නාවිකයන් 30 කට කොරෝනා.

colombotoday

ගම් වදින අලි එලවන්න ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනී

colombotoday

රියදුරු ලෙඩවී බස් රිය පෙරළෙයි

colombotoday

රන්ජන්ගේ ප්‍රජා අයි­තිය වසර 11කට අහි­මියි | මහා­චාර්ය නීතිඥ ප්‍රතිභා මහා­නා­ම­හේවා

colombotoday