Colombo Today Local News

මන්ත්‍රී දූරය රැකගන්න රතන හිමි බලෙන් ජනපති සහ අගමැති පස්සෙ යනවා – JHU

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවෙමින් උන්වහන්සේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ආරක්‍ෂා කර ගැනීමේ නිරර්ථක උත්සාහයක නියෑලී සිටින බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා ඊයේ (21 වැනිදා) සඳහන් කළේය.

එම මන්ත්‍රී ධුරය ආරක්‍ෂා කර ගැනීමට උන්වහන්සේට කිසිදු අවස්‌ථාවක්‌ නොමැති බවත් හෙතෙම කියා සිටියේය.

පූජ්‍ය රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය මෙන්ම උන්වහන්සේට එරෙහි විනය පියවර ගැනීමේ අයිතිය ජාතික හෙළ උරුමය සතු බවත් අනුරුද්ධ ප්‍රදීප් මහතා සඳහන් කළේය.

තම පක්‍ෂය හා එක්‌සත් ජාතික පෙරමුණ අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමේ නවවැනි වගන්තිය අනුව උන්වහන්සේට එරෙහි විනය පියවර ගත හැකි යෑයිද ඔහු පැවැසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වන උත්සවවලට පූජ්‍ය රතන හිමියන් ආරාධනා නොලැබ සහභාගි වෙමින් බොළඳ ක්‍රියා මාර්ගවල නියෑළි සිටින බවත් අනුරුද්ධ ප්‍රදීප් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හෙතෙම ඊයේ (21 වැනිදා) මෙම අදහස්‌ පළ කළේ පන්නිපිටිය පාර බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Related posts

ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව එයි.. ගීතාට පාර්ලිමේන්තුව තහනම් වෙයි !

colombotoday

ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීමට රජයට සහ ඉස්ලාමීය සමාජයට විශේෂ යෝජනාවලියක්

colombotoday

2024 ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

Admin

සතිපොළ මැද මහ දවල් එක් දරුපියා කපා කොටා මරයි. කුකලක් වෙන් වෙලා

colombotoday

රෝසිගේ නිල නිවසේ වැසිකිළිය රෙපෙයාර් කරන්න කෝටි බාගයක් (ලක්ෂ 57ක්) වෙන් කෙරේ

colombotoday

ආපදාවෙන් මියිගිය සියලු දෙනාට වන්දිය ලක්ෂ 194යි.. ඇමතිවරයෙකුගේ එක් වාහනයක් පමණක් ලක්ෂ 400යි

colombotoday