Colombo Today Local NewsNew Constitution

මන්ත්‍රීවරයෙකුගේ ලංසුව මිලියන 400යි… ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරන ඩයස්පොරා සූත්තරේ මෙන්න…

සුමන්තිරන් මන්ත්‍රිවරයා යෝජනා කරන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීම වෙනුවෙන් එක් මන්ත්‍රිවරයකුට රුපියල් මිලියන 400ක් පමණ ලබාදීමේ සූදානමක් පිළිබ¼දව කතාවක් පැතිරෙනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

ෆෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට තුනෙන් දෙකක මන්ත්‍රි බහුතරයක් ආණ්ඩුවට නොමැති නිසා මෙසේ මන්ත්‍රිවරුන් මුදලට බිලී බා ගැනීමේ සූදානමක් ඇතැයි ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (8දා) කොළඹදී පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය සාකච්ඡාවකට ක්වෙමිනි.
හෙතෙම මෙසේද පැවැසීය.

පැති මාරුවලින් පස්සේ දැන් එජාපයට ඉන්නේ මන්ත්‍රිවරු 101යි. ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් හයදෙනාත් එක්ක 107යි. දමිළ සන්ධානයට 14යි. ජවිපෙට 6යි. ආණ්ඩුවේ පුළුල්ම සන්ධානයට ඉන්නේ මන්ත්‍රිවරු 127යි. කථානායකට ඡන්දය ප්‍රකාශ කරන්න බැරි නිසා ඇත්තටම රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට සහාය දෙන්න ඉන්නේ මන්ත්‍රිවරු 126යි. ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත වෙන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය හෙවත් මන්ත්‍රිවරු 150ක සහයෝගය ලැබෙන්න ඕනෑ. ඒ කියන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගන්න මන්ත්‍රිවරුන් 24ක් මදි. එහෙම නම් ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් 21 සහාය ලබාගෙන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගන්නවා කියා සුමන්තිරන් මන්ත්‍රිතුමා කියන්නේ කොහොමද? සුමන්තිරන් මන්ත්‍රිතුමාට ගණන් වැරැදිලා. 21ක් නොවේ 24ක් නැතිව ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගන්න බෑ.

ලංකා ඉතිහාසයේ ලොකුම පැති මාරුව තමයි කරු ජයසූරිය මැතිතුමා සමඟ 17 දෙනකු ආණ්ඩුවට එකතු වීම. ඒ 17 එකතු වුණේ ජනතාවගේ ආශීර්වාදය මැද ත්‍රස්තවාදය පරාජය කරන ආණ්ඩුවකට. ඒ වගේම ඒ සියලුම දෙනාට ඇමැති ධුර හිමි වුණා. මෙදා පාර 24 දෙනකු එකතු වෙන්න ඕනෑ රටේ දැවැන්ත විරෝධයක් තිබෙන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගන්න. ඒ වගේම එ් කිසිවකුට ඇමැති ධුර හිමි වෙන්නෙත් නෑ. ඒ නිසා ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කරගන්න ආණ්ඩුවට සහාය දෙන්න විපක්ෂයේ මන්ත්‍රිවරුන් 24ක් ආණ්ඩුවට එකතු වෙවි කියා මම නම් හිතන්නේ නෑ. 21ක් එනෝ කියලා කෑ ගහන්නේ යම් දෝ නොයම් දෝ කියලා සිතමින් ඉන්න අයට අවශ්‍ය විශ්වාසය ලබා දෙන්නයි.

පසුගිය නොවැම්බර් මාසයේ එජාප මන්ත්‍රිවරු තුන්දෙනෙක් අපේ ආණ්ඩුවේ ඇමැතිවරුන් විදියට දිවුරුම් දුන්නා විතරයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ඊනියා ආරක්ෂකයන් විරෝධතා පුවරු ඔසවා ගෙන සටන් පාඨ කියමින් පාරට බැස්සා. ‘අපේ ඡන්දය වෙන්දේසි කරන්න එපා’ කියලා කෑ ගැහුව්වා. දැන් ඔන්න ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් හයක් එජාපයට එකතු වෙලා. තවත් 21ක් එනවා කියලා සුමන්තිරන් මන්ත්‍රිතුමා කියනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෝ දැන් කෝ?

මන්ත්‍රිවරුන් සන්ධානයට එකතු වන විට ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධියි කියා ප්‍රකාශ නිකුත් කරපු තානාපතිලා නිහඬ ඇයි? මාධ්‍ය නිහඬ ඇයි? රාජ්‍ය නොවන සංවිධාන නිහඬ ඇයි? සුමන්තිරන්ගේ ප්‍රකාශය හෙළා දැකලා ප්‍රකාශයක් නිකුත් නොකරන්නේ ඇයි? මේ කලබගෑනි මැද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් නිරුවත් වෙලා බවයි අපට නම් පේන්නේ.

කිලිනොච්චි පොලිසිය පලෙයි ප්‍රදේශයේදී ලංකාවට රහසිගතව ගෙනා කේරළ ගංජා නමැති මත්ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගන්න වැටලීමක් කරනවා. ඒ අවස්ථාවේ මේ අය පොලිසියට පහර දෙනවා. නමුත් මේ අය අත්අඩංගුවට ගන්න පොලිසිය සමත් වෙනවා. පොලිසියට පහර දෙන්න තරම් හයියක් ජාවාරම්කරුවන්ට ලැබුණේ කොහොමද කියන එක හෙළි වෙන්නේ මේ අපරාධකරුවන් පොලිසියට ගෙනාවට පස්සේ.
නොනිල අගමැති ලෙස රටම දන්නා දෙමළ ජාතික සන්ධානයේ යාපනයේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු පොලිසියට කතා කරලා මේ පිරිස තමන්ගේ ආධාරකරුවන් නිසා වහාම නිදහස් කරන්න කියා නියෝග කරනවා.

මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිසියට තදින් බැන වදිනවා. මේ පිළිබඳව පොලිස්පති විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන නිසා මේ පිළිබඳ මීට වඩා විස්තර කරන්නට බැහැ.
පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද

ලංකාවේ තියෙනවා දේශපාලන කුණුගොඩක්. ඒ තමයි සිරිකොත කුණු ගොඩ. සිරිකොත කුණු ගොඩේ ඉන්න මහත්වරුන්ට මුකුත් පේන්නේ නැහැ. මෛත්‍රි මහත්තයා ගියේ අපි ළඟ හිටපු කුණු ගොඩවල් සිරිකොතේ තියලා එන්නයි. රාජිත, චම්පික වගේ අය තමයි ඒ කුණු ගොඩවල්. අපි මෛත්‍රිපාල මහත්මයාට ස්තුතිවන්ත වෙනවා ඒ කුණු ගොඩවල් සිරිකොතේ තියලා ආවාට.

Related posts

උපන් බිමේම අසරණ වූ ජාතියක් ගැන නැගෙනහිරින් ඇසෙන දුක්ඛිත කතාව !

colombotoday

“පනත හදිසියේ සම්මත කළොත් වෙන්නේ මහා අගතියක්“ අභයතිස්ස හිමි කතානායකට ලියයි

colombotoday

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට එරෙහි පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්…

colombotoday

සිංහල අයගේ මතය අනික් අය බලහත්කාරයෙන් ඔබ්බගන්න ඕනි නෑ. ආදාහනය ගැන අලි සබ්රි කියයි

colombotoday

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday

කොටහේන හින්දු කෝවිලේ වේල් උත්සවයට මුස්ලිම් පල්ලියෙන් බාධා… වේල් කරත්තය කෝවිල අසලට නොගන්නැයි තර්ජණය කරලා…

colombotoday