2 April 2025
World

මන්කිපොක්ස් අවදානමකක් | ආශ්‍රිතයන් 200කට අධික පිරිසක් සොයා ගනී

මිනිසුන් අතර විරළ වශයෙන් වාර්තා වන මන්කිපොක්ස් (Monkeypox) වයිරසය ආසාදනයට ලක් වූ පුද්ගලයකුගේ ආශ්‍රිතයන් 200කට වැඩි පිරිසක් ඇමරිකාවේ ප්‍රාන්ත 27කින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

මේ මස මුලදී නයිජීරියාවේ සංචාරය කර පැමිණි ටෙක්සාස් වැසියකු මෙම වයිරසය රැගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ. එම පුද්ගලයා 2003 වර්ෂයෙන් පසුව ඇමරිකාවෙන් හමු වූ පළමු මන්කිෆොක්ස් රෝගියාය.

ඔහු රෝහල්ගත කර ඇති අතර තත්ත්වය බරපතළ නැත. මෙතෙක් වෙනත් ආසාදිතයන් වාර්තා වී නැත. රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන මධ්‍යස්ථානය (CDC) පවසන පරිදි අදාළ පුද්ගලයා ගමන්ගත් ගුවන්යානා 2ක මගීහු මෙලෙස ඔහුගේ ආශ්‍රිතයන් බවට පත්ව සිටිති.

ඔහු ඉකුත් 9 වැනිදා ඇට්ලන්ටා හා ජෝර්ජියාව බලා පියාසර කර ඇත්තේ නයිජීරියාවේ ලාගෝස් සිටිය. ඩලාස් නුවරින් ගුවන්ගත වීමට පෙර ඔහු රෝහල්ගත කර ඇත. ඔහුගේ සමීපතම ආශ්‍රිතයන් වූ ගුවන් මගීන් පිළිබඳ අදාළ ගුවන් සමාගම් සමග සහයෝගයෙන් කටයුතු කරන බව CDCය පවසයි.

කෙසේ වුවද ගුවන්යානය තුළ දී වයිරසය ආසාදනය වීමේ අවදානම අඩු බව රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන මධ්‍යස්ථානය පවසයි. ඒ මගීන් මුව ආවරණ පැලැඳ සිටින බැවිනි. වයිරසයට නිරාවරණය වූ තැනැත්තන් පිළිබඳ හඳුනා ගැනීම සඳහා අදාළ ප්‍රාන්ත හා එම සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව CDC ක්‍රියාකරමින් ඇත.

මේ සිද්ධිය හේතුවෙන් ජනතාවට ඇති අවදානම අවම බවද සෞඛ්‍ය බලධාරීහු පවසති. දැනට හඳුනාගෙන ඇති ආශ්‍රිතයන් 200 දෙනාද අධි අවදානම් තත්ත්වයක් නොමැත. මන්කිෆොක්ස්ද වසූරිය පවුලටම අයත් වයිරසක් වන නමුත් එවැනි දරුණු වයිරසයක් නොවේ.

එය බොහෝ විට වාර්තා වන්නේ මධ්‍යම හා බටහිර අප්‍රිකාවේ නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවලිනි. උණ, හිසරදය, ඇඟපත වේදනාව, ඉදිමුම ආදිය එය සාමාන්‍ය ලක්ෂණය. උණ තත්ත්වය පහව ගිය පසුව සිරුරේ පලු මතුවිය හැකි අතර පළමුව මුහුණේ ඇති වී පසුව සිරුරේ වෙනත් තැන්වලද ඒවා හටගනී.

Related posts

වසර 28කට පසු අහස දුටු වැනිලා චිම්පන්සියාගේ සංවේදී වීඩියෝව

Admin

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන්ට ඇමෙරිකන් හමුදා ඩ්‍රෝන ප්‍රහාර

colombotoday

ඇමරිකානු සම්බාධක නොතකා 5000km ක් දුර ඉලක්ක විනාශකළ හැකි මිසයිලයක් ඉරානය හදයි

colombotoday

මිනිසුන් නිර්මාණය කළ පියාඹන පීරිසිය

Admin

තායිවානය අය වැයෙන් ආරක්ෂක වියදම් 14%කින් ඉහළ දමයි

colombotoday

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

colombotoday