Colombo Today Local News

මධූෂ් ඩුබායි සිට මෙහෙයවු බව කියන අපරාධ 4 ක් ගැන පරීක්ෂණ අරඹයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මාකදුරේ මධුෂ් නැමැත්තා ඩුබායි  හි සිට  මෙහෙයවා  කළ අපරාධ 4ක්   සම්බන්ධයෙන්   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

2017.2.27 දින කළුතර එනතමඩල ප‍්‍රදේශයේ බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකු වන සමයං ඇතුලූ පස් දෙනකු ඝාතනය කිරීම, තවත් සිව් දෙනකුට තුවාල සිදුකිරීමේ , 2017.5.09 දින පිළියන්දල නගරයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමකට වෙඩි තබා පොලිස් නිලධාරියකු ඇතුලූ දෙදෙනකු මියයාම, තවත් සිව් දෙනතුට තුවාල සිදුකිරිම, 2018.3.06 දින කැලණිමුල්ලේ කොස්මල්ලි නැමැත්තා පැහැරගෙන ගොස් අගුණකොල පැලැස්සේ දී වෙඩි තබා ඝාතනය කර ගෙළ අලූත්කඬේ ප‍්‍රදේශයට රැගෙන ඒම, 2018.11.08 දින ඇරව්වල පන්නිපිටිය ප‍්‍රදේශයේ නිවසකින් දියමන්තියක් කොල්ලකෑම යන අපරාධ සම්බන්ධයෙන් මධුෂ්ට එරෙහිව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මාකදුරේ මධුෂ් ඩුබායි රටේ සිට මෙම අපරාධ මෙහෙයවා ඇති බවත් ඔහු මේ සදහා භාවිතා කළ ජංගම දුරකතන අංක, අපරාධ සිදුකළ පුද්ගලයන් භාවිතා කළ දුරකතන අංක හා වින්දිතයන්ගේ දුරකතන අංක සම්බන්ධයෙන් විශ්ලේෂණ සිදුකරමින් පවතින බවද රුවන් ගුණසේකර මහතා කීය.

මාකදුරේ මධුෂ් ඩුබායි වලින් මෙරටට පිටුවහල් කිරීමෙන් පසු 2019.5.05 වැනි කටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන රදවාගෙන ප‍්‍රශ්න කරමින් පසුවේ.මෙතෙක් සිදුකළ ප‍්‍රශ්න කිරීවල දී අපරාධ සදහා භාවිතා කළ බවට සැකකරන පිස්තෝල දෙකක් හා ටී 56 ගිනි අවියක් සොයාගත් බවද ගුණසේකර මහතා කීය.

මෙම ගිනි අවි වැලිවේරිය හා මීගමුව දළුපොත යන ප‍්‍රදේශ වලින් සොයාගන ගත් බවද හෙතෙම කීය.මෙම ගිනි අවි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරයත් පැවසීය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

මත් ද්‍රව්‍යට ඇබ්බැහි වු රැදවියන් 8500ක් ඇප මත නිදහස්

colombotoday

මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

colombotoday

උදයංග තවමත් ඩුබායි.. අපි ගිහින් අල්ලන් එනවා – විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දිගයි- මැකෝ

colombotoday

කිරිපිරි කිලෝවක් රුපියල් 600කින් ඉහලට.

colombotoday

සංවිධානාත්මක අපරාධකරුවෙක් STF වෙඩි පහරකින් ජීවිතක්ශයට

Admin