Colombo Today Local News

මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරුගේ නිවසින් යුද උපකරණ තොගයක් හමුවෙයි

මාකඳුරේ මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයෙකුගේ කඹුරුපිටියේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී යුද හමුදා නිල ඇඳුම් තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.මෙම සැකකරු යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඔහුගේ පියා ප‍්‍රශ්න කිරීම් සඳහා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් කෝටි 700යේ මැණික් කොල්ලයට යොදාගත් බවට සැකකරන මාංචුවක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.සැකකාර ලාන්ස් කෝප‍්‍රල්වරයා සපුගස්කන්ද යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කර ඇති අතර ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ. මෙම සැකකරු යුද හමුදාවෙන් පලාවිත් සැඟව සිටින බවද පොලිසිය සඳහන් කළා.

Related posts

කොවිඩ් කාඩ්පත්වල වලංගු බව සොයා බැලීමට තීරණයක්

colombotoday

“ඉන්ධන, ගෑස් ඉල්ලද්දි ආණ්ඩුව ඉඩම් ඔප්පු දෙන්න කතා කරනවා.”

colombotoday

ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව රැස්වේ

colombotoday

හිටපු ජනපති මහින්ද ශ්‍රීලනිප මහඇමතිවරුන් හමුවෙයි

colombotoday

ඉඩමක් නැති අයට අගමැතිගෙන් ඉඩමක්

colombotoday

හිස්බුල්ලා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට එයි

colombotoday