Colombo Today Local News

මද්දකට හසුවූූ කළු කොටියා මියයයි

හැටන් නල්ලතන්නිය ප්‍රදේශයේදි පසුගිය 26 වැනිදා මද්දකට හසුව බේරාගත් පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියා මියගොස් තිබේ.

වනජීවී නිලධාරී භාරයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම සත්වයා මියගොස් ඇත.

වනජිවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරියබණ්ඩාර මහතා පැවසුවේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද පියවර ගන්නා බව වනජිවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

මෙම කළු කොටියා හසුවූ මද්ද ඇටවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු පසුගිය 27 වැනිදා අත්අඩංගුවට ගැනිණ.

සැකකරු එම වගා බිමේ හිමිකරු බවට තොරතුරු වාර්තා වේ.

Related posts

චීනය උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවයි

colombotoday

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියානු ජාතික කාන්තාවකට රැඳවුම් මධ්‍යස්ථානයකදී පහරදීමක්

colombotoday

දීඝවාපිය දාගැබේ දකුණු ආයකය ආශ්‍රිත කැණීමෙන් ලෝහමය සිංහ රූප දෙකක් සොයා ගැනේ

colombotoday

ගෝඨාභයට එරෙහිව ශ්‍රීලංකා රජය ඇමරිකාවේ චෝදනා ගොණුකරයි…!

colombotoday

කොන්ක්‍රීට් ස්ලැබ් එකක් මතින් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

Admin

යළිත් ඉන්ධන මිල අඩු වෙයි?

colombotoday