Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ප්‍රමාද වීම ගැන පරීක්ෂණයක්

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දණ්ඩනය නියමව දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා සම්බන්ධවන සිරකරුවන්ට මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට පසුගියදා ගත් තීරණය  කඩිනමින් කි‍්‍රයාවට නැංවීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මරණ දණ්ඩනය ලබාදිය යුතු පුද්ගලයන් පිළිබඳ වාර්තා කැඳවීමේ දී එම ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අදාළ ආයතන නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් තීන්දුව කි‍්‍රයාවට නැංවීම ප‍්‍රමාද වි ඇති අතර, ඒ පිළිබඳ පරික්ෂණයක් ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සහ අපරාධ අවම කිරීමට අදාළ නීති සංශෝධනය පිළිබඳ අද (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීම මෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

Related posts

රුපියල කඩා වැටීමෙන් බිලියන 1000කට වැඩි ණය බරක්….

colombotoday

මරණ දණ්ඩනය හිමිව සිටින සිරකරුවන්ගේ දඩුවම ලිහිල් කිරීමට අවධානය

colombotoday

සංඝආඥාවක් නිකුත් කෙරේ… රට බෙදෙන 20 එපා… මහා සංඝරත්නය ඒකමතිකව තීරණය කරයි

colombotoday

ලොකු පුටු ඉල්ලන ඇවිද ගන්නවත් බැරි කොර ගහන අය විශ්‍රාම ගත යුතුයි..

colombotoday

හැදුනුම්පත් කාර්යාලයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටී

colombotoday

බිලියන 16ක රජයට පාඩුවක්.. රේගු ඉතිහාසයේ දැවැන්තම වංචාව ගැන පරීක්ෂණ යළි ඇරඹෙයි

colombotoday