Colombo Today Local News

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු රැඳවියෙක් බන්ධනාගාර වැසිකිළිය තුළ දී සියදිවි නසා ගනී

කළුතර බන්ධනාගාරයේ රදවා සිටි රැඳවියෙක් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයෙකු මෙලෙස සියදිවි හානිකර ගෙන ඇති බවය.

මියගොස් ඇත්තේ අඟුලාන ප්‍රදේශයේ පදිංචි ව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ පුද්ගලයා පසුගිය 15 වන දින හොරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු බන්ධනාගාර වැසිකිළිය තුළ දී සිය ඇඳුමක් ආධාරයෙන් සියදිවි හානි කරගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මළ සිරුර නාගොඩ රෝහලේ තබා ඇති බව සඳහන් වේ.

Related posts

ගෝඨාට ඇමරිකාව අකමැති බව කිවුවේ නෑ…මාධ්‍යවල පළවන කතා බොරු. විශේෂ නිවේදනය මෙන්න

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday

සජබ යේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කරයි

colombotoday

මැතිවරණ කල් දමන්න පාර්ලිමේන්තු යෝජනාවකින් බැහැ.

Admin

රනිල් හා දිනේෂ් රහස් පොලිසියට

Admin

දර්ගා ටවුමේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරියෙකුට ප්‍රහාරයක්

colombotoday