Colombo Today Local News

මත්තලින් රට යන ලාංකිකයින්ට වට්ටමක්

ඉදිරියේ දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට වට්ටම් ලබා දීමට රජය සුදානම් වනවා.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව දිවයිනෙන් විදේශ රැකියා සදහා පිටව යන සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවනවා. ඉන් 20% පමණ මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිත දිස්ත්‍රික්ක 09 කින් පිටත්ව යන බව අධ්‍යනයකින් හෙළි වී තිබෙනවා.

එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, බදුල්ල, අම්පාර, රත්නපුර, කල්මුණේ, මඩකලපුව යන දිස්ත්‍රික්කයි. මෙම යෝජනාව සදහා කැබිනට් අනුමැතිය හිමි වු බවත් ඒ අනුව අදාළ සාකච්ඡා පැවැත්වෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග සදහන් කරයි.

කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට ගුවන්තොටුපළ වසා තිබුණ ද නැවත ගුවන්තොටුපළ විවෘත කිරිමත් සමග රැකියා සදහා විදෙස්ගත වීම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Related posts

“ඩොලර්වලින් යැපෙන NGO කාරයෝ මේ රට විනාශ කරන්න හදනවා“ – අධිකරණ ඇමති

colombotoday

රජයේ සේවකයන්ට වාහන බලපත් යළිත් දෙනවා… වසර 10කට එකයි. ජීවිත කාලෙටම දෙකයි

colombotoday

ඇමතිවරුන්ගේ කාර්යක්ෂමතාවය ගැන වාර්තාවක් : කංචන සහ ටිරාන් ඉදිරියෙන්ම

Admin

ඇමති අනින් රාජ්‍ය වෙසක් උත්සවයේ ආගමික වතාවත් සජීවී විකාශය අතරමග අත්හිටුවයි

colombotoday

බොරු ප්‍රචාර හෝ අනිසි පරීක්ෂණ වලින් මාව බිය ගැන්වීම සිහිනයක් පමණි – ගෝඨාභය

colombotoday

ගාමණී සෙනරත් නිදොස් කොට නිදහස්

colombotoday