Colombo Today Local News

මගේ ප්‍රතිවාදියා වී ගොවීන්ට නොමිළේ පොහොර දෙනව කියනවා… මම සියළුම ගොවීන්ට නොමිළේ පොහොර දෙනවා !

තමා ජනාධිපතිවූ පසු සියළු ගොවීන්ට ‍‍‍භේදයකින් පොහොර නොමිලේ ලබා දෙනවා සේම ඉප‍ලෝගම රණවිරු ගම්මනයේ නිවාස ලබා දීම සඳහා රණවිරුවන්ගෙන් අය කළ මුදල් යළි ලබා දීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (17) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය වෙනුවෙන් කැකිරාව, තඹුත්තේගම, මිහින්තලේ හා බටහිර අනුරාධපුර යන නගරවල පැවැති ජනරැළි අමතමින් සජිත්

“මගේ ප්‍රතිවාදියා තමන්ගේ  අයියාගෙන් අසා පොරොන්දුවක් දී තියෙනවා නොමිලේ පොහොර දෙනවා කියලා. පොහොර නිකං දෙනවා කියන කොට ගොඩ බෝග වගා කරුවා අමතක වුණා එළවළු වගා කරන පුද්ගලයා අමතක වුණා. පළතුරු වගා කරන පුද්ගලයා අමතක වුණා. වී සඳහා සහතික මිලක් දිය යුතුය කියන කාරණය අමතක වුණා.

සජිත් ප්‍රේමදාසගේ කෘෂිකාර්මික වැඩපිළිවෙල මම ඉදිරිපත් කරන්න කැමතියි. වී මිළ රුපියල් 50 තත්ත්වයට කට වචනයෙන් නොව පාර්ලිමේන්තුවේ අනපනත් හරහා ගෙන එන්න කටයුතු කරනවා. පොහොර ලබාදීම එක ‍ගොවියන් පිරිසකට සිමා නොකර වී ගොවියාට වගේම එළවළු ගොවියාට, පළතුරු ගොවියාට වගේම සෑම ගොවියෙකුටම නොමිලේ පොහොර ලබා දෙනවා.

අපි ගොවියන් අතර බේද බින්න වීම් ඇති කරන්නේ නැහැ. ගොවියා ගොවියාමයි. හැම ගොවියෙකුටම එක හැන්දෙන් සලකනවා. මගේ ප්‍රතිවාදියට අමතක වුණ සෑම ගොවියෙකුටම මම පොහොර නොමිලේ ලබා දෙනවා. ඒ ගැන කිසිදු සැකයක් තියා ගන්න එපා.”

Related posts

වතුර පිරුණු වළකට වැටී දරුවෙක් මියයයි

colombotoday

සූජීව ඇලෝසියස්ගෙන් ලක්ෂ 30 ක් අරන්… අධිකරණයේදී සියල්ල හෙළිවේ

colombotoday

කටුගස්තොට ගින්නකින් තිදෙනෙක් මරුට

colombotoday

බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළට

colombotoday

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

වැල්ලවායේදී බස් රථ අනතුරක්

Admin