Colombo Today Local News

මංගල සමරවීර කළ ඉල්ලීම

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අගෝස්තු පස්වැනිදා පැවැත්වූ මහ මැතිවරණයෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණය සම්බන්ධයෙන් තමාගේ සුභාශිංෂණය පිරිනමන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

එසේම, මෙවැනි ජය ලබූ අතීත නායකයන්ගේ මාර්ගයේ නොගොස් මෙම ජයග්‍රහණය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වූත් නිදහස් වූත් ශ්‍රී ලාංකීය දේශයක් ගොඩනැගීමට මෙය අවස්ථාවක් කරගන්නැයි මේ රටේ නිහඬ දේශප්‍රේමී බහුතර ජනතාව වෙනුවෙන් තමා ඉල්ලා සිටිනවා යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරයි.

“ලෝක මට්ටමින් මුහුණ දෙන කොරෝනා වෛරස් අවධානම ඉදිරියේ වුවද මැතිවරණ සමයේදී මෙන්ම ඡන්දය දිනය තුළත් ඉතාමත්ම කාර්යක්ෂම සේවයක් සැපයූ සියලුම රාජ්‍ය ආයතන, විශේෂයෙන් මැතිවරණ කොමිසම හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්, සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලීසිය, හමුදාමය මැදිහත් වීමකින් තොරව කාර්යක්ෂම සිවිල් පාලනයක්, සිවිල් සේවයක් ලබා දෙන්නට පුළුවන් බව ඒ තුළින් ඔප්පු කළා. ඔවුන්ගේ කාර්යශූර සේවයට ද පැසසුම් එක්කරමි”.

“මේ ජයග්‍රහණයට සුබ ප්‍රාර්ථනා කරනවා වගේම මා තුළ මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විශාල බියක් ද හට ගෙන තිබෙන බව ද අවංකවම ප්‍රකාශ කළ යුතුය. මක්නිසාද යත්, මේ දැවැන්ත ජයග්‍රහණය රටේ තවත් දැවැන්ත පරාජයක, එසේ නැතිනම් තවත් මහා පසු පිම්මක පෙර නිමිත්තක් වනු ඇතැයි අපගේ දේශපාලන අතීතය ආවර්ජනය කරන විට මට සැකයක් මතුවේ. මා මේ කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ප්‍රතිපත්ති සහ මා විශ්වාස කරන සාරධර්මයන් සහ ප්‍රතිපත්ති හාත්පසින්ම වෙනස් නිසා විතරක් නෙමෙයි.” යනුවෙන් ද ඔහු පවසයි.

හිටපු අමාත්‍යවරයාගේ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Related posts

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අරඹයි

colombotoday

කුලී වාහන ව්‍යාජ ලිපිලේඛන සකසා විකුණු ජාවාරමක සුලමුල හෙළිවෙයි.

colombotoday

” අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ”

colombotoday

කොරෝනා වෛරසය මර්ධනය කිරීමට සහයෝගය දෙන්න – හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

තෙල් සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක්.. කැරලි මර්ධන ඒකකය සීරුවෙන් (Video)

colombotoday

රණවිරුවන් වෙනුවෙන් මගේ බෙල්ලට තොණ්ඩුව දාගන්නවා !

colombotoday