Colombo Today Local News

බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට බාර දෙන ලෙස නියෝගයක්

විනාශ කර ඇති කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන අධිකරණයට බාර දෙන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයාට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා, කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇත.

එසේම කුරුණෑගල නගර සංවර්ධන කමිටු රැස්වීම්වලට අදාළ ලිපිගොනු සහ කමිටු රැස්වීම් සටහන් අධිකරණය වෙත ලබාදෙන්නැයි කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට නියෝගයක් ලබා දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සනාථ කළාය.

Related posts

අද සිට සුරාසැල් විවෘත කෙරේ

colombotoday

මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නැහැ – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Admin

රාගම වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

Admin

සුනඛයින් මහ මඟ දමා ගියොත් දඩය රු 25000 යි – මාස 06ක සිරදඩුවම්

colombotoday

සුලිකුණාටුවක් සහ සුනාමියක්?? කාලගුණයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබ අධිකරණයට

Admin