Colombo Today Local News

“බුදුන්ට පිදූ බිමේ බුදු පිළිමයක් හදන්න වැලි කැටයක් ගන්න අපට අවසර නැද්ද”

haputale temple

හපුතලේ විහාරගල ශ්‍රී රතනජෝති බෞද්ධ මධ්‍යස්ථානය වසර 25කට අධික කාලයක් වල්බිහිවී තිබූ පැරණි විහාරස්ථානයකි. ගිය වසරේ එහි වැඩම කළ වෙහෙරයායේ ලංකානන්ද හිමියන් ප්‍රදේශවාසී දුප්පත් දායකයන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේද සහයෝගයෙන් විහාරස්ථානය යළි පිලිසකර කරගැනීමට කටයුතු කළේ අතිහමහත් දුෂ්කරතා මධ්‍යයේය. විහාරස්ථානයේ බුදු මැදුර ඉදිකිරීම පිණිස පොලිසියේද අවසරය ඇතිව ප්‍රදේශවාසීන් විසින් ‍වැලි ගොඩදැමූ වැලි දායක මහතෙකු ස්වෙච්ඡාවෙන්ම විහාරස්ථානයට ප්‍රවාහනය කර දීමට ඉදිරිපත්ව ඇති අතර එසේ ප්‍රවාහනය කරමින් සිටියදී බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස්දහසක දඩ මුදලක් නියම කරඇත. එදිනෙදා කුලීවැඩ කර ජීවත් වන විහාරස්ථානයේ දුප්පත් සිංහල හා දමිළ දායකයන්ට එම මුදල පවා දරා ගැනීමට අපහසු බරක් වී ඇති බවද වෙහෙරයායේ ලංකානන්ද හිමියෝ අප සමග පැවසූහ.

රට පුරා වෙහෙර විහාරස්ථාන වැසී යමින් පවතින යුගයක එසේ වැසීයමින් පැවති විහාරස්ථානයක් ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ යළිත් ගොඩනගමින් සිටියදී මෙවැනි සිදුවීම්වලට මුහුණදීමට සිදුවීම ඉතාමත් කණගාටුදායක බවත් තෙවරක් බුදුන්ට පිදූ බිමක බුදු මැදුරක් ඉදි කිරීම සදහා වැලි කැටයක් ගන්නවත් අවසරයක් නැද්දැයි උන්වහන්සේ විමසා සිටියහ.

වෙහෙරයායේ ලංකානන්ද හිමියන් දැක්වූ අදහස්වලට පහතින් සවන් දෙන්න.

Related posts

ෆේස්බුක් ඔස්සේ හුවමාරු වන ප්‍රතිපත්ති අසත්‍ය බව සීලරතන හිමියෝ පවසති

colombotoday

ආඩිඅම්බලමේ “බලු මූණා” අල්ලයි

Admin

ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කරන්න මෙල්බර්න්හි සල්පිලක්

Admin

කඩු, කිණිසි, හමුදා ඇදුමට සමාන ඇදුම්, තව්හිද් ජමාත් පත්‍රිකා තොගයක් අත්අඩංගුවට…

colombotoday

ආහාර මිලත් පහළට

Admin

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 523 දක්වා ඉහළට. දිනක් තුල වාර්තා වූ ඉහලම අගය රෝගීන් 63 ක් වාර්තා වෙයි.

colombotoday