Colombo Today Local News

බුද්ධි නිලධාරීන් යැයි කියමින් වාහන පරීක්ෂා කළ 2 ක් පොලිස් දැලේ

බුද්ධි අංශ නිලධාරීන් යැයි කියමින් මීගහතැන්න ගොරකා දූව පහේ කනුව ප්‍රදේශයේ දී වාහන පරීක්ෂාවේ යෙදී සිටි යුද හමුදා සෙබලෙකු  හා තවත් පුද්ගලයෙකු අද (18) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය පැවසීය.
 
සැකකාර හමුදා සෙබළා සන්තකේ හමුදාවෙන් නිකුත් කළ හැඳුනුම්පත් තුනක් , රුපියල් 20,000  මුදලක් ඇතුළු තවත් ලිපි ලේඛන රැසක් සොයා ගත් බව පොලිසිය කියයි.
 
ගොරකාදූව මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මීගහතැන්න පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් සමඟ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.
          
අත් අඩංගු ගත් යුද හමුදා සෙබලා කොම්පඤ්ඤ විදිය හමුදා කඳවුරේ රියදුරෙක් බවත් එහි සේවය කරන බිගේඩියර් වරයකුට අයත් නෙළුව ප්‍රදේශයේ වත්තක සේවය කරන බවත් අනෙක් සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත් පොලිසිය සඳහන් කරයි.
 
සැකකරුවන් මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ගල්අඟුරු රැගත් නෞකාවක් දිවයිනට

Admin

ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් කුලී රථ සේවාව ලංකාවට එයි !

colombotoday

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වල

colombotoday

මුස්ලිම් ඇමතිවරු ජනපති හමුවේ – ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday

චිකන් කරියේ පණුවෝ.. පොලීසියත් උඩ බලන් ඉදලා.. මුදලාලි බලය පෙන්වන හැටි මෙන්න (Video)

colombotoday

මෝල් හිමියන්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

Admin