Colombo Today Local News

බීමතින්, රියදුරු බලපත්‍රයක් නොමැතිව, ගංජා සුරුට්ටුවක් තබාගෙන වෑන් රථයක් පැදවූ පුද්ගලයෙකුට 52500 ක දඩයක්

රියදුරු බලපත්‍රයක් නොමැතිව, බීමතින් ගංජා සුරුට්ටුවක් සන්තකයේ තබාගෙන වෑන් රථයක් පැඳවීමේ චෝදනාවලට වරද පිළිගත් පුද්ගලයෙකුට හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි මහතා විසින් රුපියල් 52500/- ක දඩ මුදලක් නියම කර තිබේ.

ඊයේ (09) දිනයේ දී මෙම නියෝගය ලබා දී ඇත.

මෙසේ වරදකරු වූයේ, මස්කෙළිය නගරයේ පදිංචි පරමජෝති සරවණ නැමති අයෙකි.

බීමතින්, රියදුරු බල පත්‍රයක් නොමැතිව රිය පැදවීම යන චෝදනා දෙකට පිළිවෙලින් රුපියල් 25,000/- බැගින් රුපියල් 50,000/- ක් හා ගංජා සුරුට්ටුවක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට රුපියල් 2500/- වශයෙන් රුපියල් 52,500/- ක දඩ මුදල විනිසුරුවරයා විසින් මෙහිදී නියම කර ඇත. 

චූදිත තවත් පිරිසක් සමඟ මස්කෙළිය ප්‍රදේශයේ  සිට නල්ලතන්නිය දක්වා මෙම වෑන් රථය පදවමින් සිටියදී නල්ලතන්නිය, මුල්ගම මන්සන්ධියේදී පොලිස් නිලධාරීන් විසින් පෙරේදා (08) පස්වරුවේ සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. 

රියදුරුට මෙම වෑන් රථය අයිති නොවන අතර, වාහනය අයිතිකරුට බාර දීමට පියවර ගත් බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය. 

නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත උ.පො.ප රත්නායක පොලිස් කොස්තාපල්වරුන් වන  කැළුම් (84645), කුමාර (77876), සිවරූබන් (33828) යන නිලධාරීහූ මෙම වැටලීම සිදු කර චූදිත අධිකරණය හමුවට පමුණුවා තිබුණි.

Related posts

ශ්‍රීලනිප යෙන් ඒකාබද්ධ විපක්ෂයට ආරාධනාවක්

colombotoday

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කෙරේ…

Admin

පොලිස් සැරයන්වරයෙක් දිවි නසා ගනී

colombotoday

දෙමෝදර ආරක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් කිරීමේ තීරණයක්

Admin

CID වාර්තාවෙත් තවත් රහස් එළියට… සුජීව කියූ බොරුවත් අතේ පත්තුවෙයි

colombotoday

TNA සහය රට බෙදීමට සහය වන අයටයි !

colombotoday