Colombo Today Local News

බියර් සහ සමලිංගිකත්වය අතර සම්බන්ධයක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබා දෙනවාට තමන්වහන්සේ විරුද්ධ නැති බවත් “හතේ අපේ පොත” මගින් එය වැඩි වශයෙන් ළමා මනසට ඇතුළු කිරීමට උත්සාහ දරා ඇති බවත් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

නමුත් පසුගියදා තමන්වහන්සේ කළ අණාවරනය මගින් තමන් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමට විරුද්ධ බවට මතයක් ගෙන යෑමට ඇතැම් පිරිස් උත්සාහ දරන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

උන්වහන්සේ සඳහන් කරන්නේ මෙම පොත මගින් අවුරුදු 12ක දරුවන්ගේ මනසට ලිංගිකත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබූ බැවින් එය සම්දපානය කලේ කවුරුන්ද යන්න පිළිබඳ සොයා බැලීම තමන්ට අවශ්‍ය වු බවයි.

ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර තිබෙනවා.

එහිදී උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ බියර් පානය හා සමලිංගිකත්වය අතර සබඳතාවක් ඇති බවයි.

පසුගිය රජය සමයේදී බියර් මිළ අඩු කිරීමටත් කාන්තාවන්ට සුරාසැල් වෙත ගොස් මත්පැන් ලබා ගැනීමට හැකි වන ආකාරයෙන් නීති ලිහිල් කිරීමට කටයුතු කළ බවත් උන්වහන්සේ චෝදනා කරනවා.

මේ සියල්ල මගින් සිදුවන්නේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය විනාශ වීමක් බවයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කරන්නේ.

truenews.lk

Related posts

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

colombotoday

පිපිරීමක් සමග බස්රථයක් ගිනි ගනී.. 17ක් රෝහලේ

colombotoday

මසක් තුළ සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් දිවයිනට

colombotoday

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට

colombotoday

ඇමති විමල් වීරවංශ ස්වයං නිරෝධායනයට

colombotoday