Colombo Today Local News

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු එන්නැයි, ඉල්ලීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වී කටයුතු කරන්නැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලමින්, එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මෙම ලිපිය ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 19 දෙනෙකුගේ අත්සන් සහිතවයි.

රටේ ආර්ථික සංවර්ධනය උදෙසාත්, පොදුජන පෙරමුණේ සක්‍රිය දායකත්වය රටට ලබා දීම සඳහාත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ප්‍රවේශවීම අත්‍යවශ්‍ය බව අදාළ ලිපියෙන් ඉල්ලා තිබේ.

එබැවින් ඉතාමත් ඉක්මණින් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ප්‍රවේශ වන්නැයි ඉල්ලා සිටින බව ද එහි සඳහන් ය.

වසර 04 ක් වැනි කෙටි කාලයක් තුළ පළාත් පාලන මැතිවරණය , ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ 03 ම ජයග්‍රහණය කළ හැකි දැවැන්තම දේශපාලන පක්ෂය නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මහතා බව ද ලිපියෙන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

ඊට අත්සන් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ, බැසිල් රාජපක්ෂ මහතාගෙන් තොරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණක් පිළිබඳව සිතීමටවත් නොහැකි බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සම්පත් අතුකෝරළ, මේජර් ප්‍රදීප් උඳුගොඩ, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, අශෝක ප්‍රියන්ත, සංජීව එදිරිමාන්න, සහන් ප්‍රදීප් විතාන, අකිල සාලිය එල්ලාවල, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, අමරකීර්ති අතුකෝරාල, වසන්ත යාපා බණ්ඩාර, ඩබ්ලිව්.ඩි වීරසිංහ, ,එච්.නන්දසේන, කුමාරසිරි රත්නායක, මේජර් සුදර්ශන දෙනිපිටිය, රාජිකා වික්‍රමසිංහ, නිපුණ රණවක, කපිල අතුකෝරල යන මහත්වරුන් මෙම ලිපියට අත්සන් තබා තිබේ.

අදාළ ලිපිය බැසිල් රාජපක්ෂ මහතාට භාර දුන් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයෙක් සඳහන් කළේ ය.

Related posts

මැණික් ගලක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 14ක් කොල්ලකෑ කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

ජාතිය රැකීමේ සටනට, තාවකාලිකව උපැවිදි වෙන්න අවසර දෙන්න – නායක හිමිවරු මහනායක හිමිගෙන් ඉල්ලයි

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ අවලංගු කල ටෙන්ඩර් හොර පාරෙන් ලබා ගැනීමේ උත්සහයක්.

colombotoday

SLIIT ආයතනය තුට්ටු දෙකට යහපාලනයෙන් විකිණේ – රටට හොරෙන් සිදුකළ SLIIT මංකොල්ලය

colombotoday

ගුරුවරිය දණ ගැස්වූ තාත්තාගේ හයිය පුතා ගනී.. තරුණයෙකුට රෝහල්ගතවෙන්නම අම්බානක නෙලයි..

colombotoday

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ආරක්ෂාව ඉවත් කරලා

Admin