Colombo Today Local News

බ්‍රිතාන්‍යය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් නොවයි. එරට අධිකරණයකින් නියෝගයක්

බි‍්‍රතාන්‍යයේ තහනම් සංවිධාන සම්බන්ධයෙන් නඩු විභාග සිදු කරන අභියාචනාධිකරණ කොමිසම බි‍්‍රතාන්‍ය තුළ LTTE සංවිධානය තවදුරටත් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැදින්විය නොහැකි බවට තීන්දුවක් ලබාදී තිබෙනවා.

LTTE සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස බි‍්‍රතාන්‍ය තුළ තහනම් කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි එම අභියාචනාධිකරණ කොමිසම බි‍්‍රතාන්‍ය රජයට දැනුම් දී ඇත්තේ.

පසුගිය වසර 10 තුළ LTTEය කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදුකළ නොමැති බැවින් එම සංවිධානය තහනම් කිරීමෙන් සියලු ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරකම් කඩාකප්පල් වී ඇති බවට අභියාචනයක් ලැබී තිබුණා.

අදාළ අභියාචනය කරනු ලැබුවේ දෙමළ ඊලාම් සංක්‍රාන්තික රාජ්‍ය නම් සංවිධානය විසිනුයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව බ්‍රිතාන්‍ය රාජ්‍යයෙන් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

Related posts

පිලිපීනයේ මැනිලා අගනුවර වසා දැමේ !

colombotoday

පොලිස් භාරයේදී පුද්ගලයෙකු මිය යයි – සැකපිට නිලධාරීන් 7ක් අත්අඩංගුවට

Admin

බදුර්දීන් හා බැසිල් අද උසාවි නොයයි

colombotoday

රනිල් සමග තවත් ආණ්ඩු කෙරුවාවල් බෑ – සන්ධානයේ තීරණය ඩිලාන් කියයි

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ 91ක තොග අවසන් – GMOA

colombotoday

ඩොලරය තවත් පහළට

Admin