Colombo Today Local News

බස් ගාස්තු ඉහළ දැමීමට පුද්ගලික බස් රථ හිමියන් අවසර ඉල්ලයි

වසර දෙකකින් පමණ බස් ගාස්තු සංශෝධනයක් සිදු කර නොමැති බව පවසමින් බස් ගාස්තු ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස පුද්ගලික බස් රථ හිමියන් ඉල්ලීමක් කර තිබේ.

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදී පුද්ගලික බස් රථ සංගම් නියෝජිතයින් පිරිසක් එම ඉල්ලීම ඉදිරිපත් කළ බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

කොවිඩ් 19 හේතුවෙන් ඇඳිරි නීතිය පැනවූ කාල සීමාව තුළ මෙන්ම මේ වනවිටත් මහජනතාව සැළකිය යුතු අන්දමින් පොදු ප්‍රවාහනය භාවිත නොකිරීම හා සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් මත පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම නිසා විධිමත් ආදායමක් තමන්ට නොලැබෙන බව පුද්ගලික බස් රථ හිමියන් පවසා තිබේ.

එහෙත් මෙම අවස්ථාවේ රටේ සෑම අංශයක්ම කොවිඩ් 19 නිසා ආදායම් අහිමිවීමේ තත්ත්වයකට මුහුණ පා සිටින බැවින් බස් ගාස්තු සංශෝධනයක් කිරීම උචිත නොවන බවත්, ඒ සඳහා තමන් හෝ රජය කටයුතු නොකරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

නමුත් පුද්ගලික බස් කර්මාන්තය සඳහා සහන අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා බස් සංගම් නියෝජිතයින්ට දන්වා ඇත.

Related posts

IMF හමුවේ දී ශ්‍රී ලංකාවට ධනාත්මක ප්‍රතිචාර

colombotoday

විල්පත්තු සංහාරය බැදුම්කර හානියට වඩා වැඩියි.. සියළු වංචා දූෂණවලට වඩා බරපතලයි !

colombotoday

සිංගප්පූරු ගිවිසුමේ කමිටු වාර්තා ප්‍රසිද්ධ කරන්න – GMOA ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

සීනි හා සහල් සඳහා පාලන මිලක් පනවමින් අද ගැසට් නිවේදනයක්

colombotoday

ETI ඉතිරි තැන්පතු වලින් 50% ආපසු ගෙවීම හෙට අරඹයි

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන දැනුම් දීමක් | කටුනායකට-මත්තල ආරක්ෂාව දැඩි කරයි

colombotoday