Colombo Today Local News

බස් ගාස්තුව සීයට 10 කින් වැඩිකළේ නැත්නම් 24 දා රෑ සිට වර්ජනයක්

බස් ගාස්තුව සියයට 10 කින් ඉහළ දමා රුපියල් 12ක් වන අවම ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව දින හතක් තුළ පියවර නොගතහොත් ලබන 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ පෞද්ගලික බස් රථ වර්ජනයකට එළැඹීමට සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය ඊයේ (17) තීරණය කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

නාරාහේන්පිට කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේදී ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ අංජන ප්‍රියන්ජිත් මහතා මාස දෙකක් තුළ ආණ්ඩුව ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් වැඩිකිරීම හේතුවෙන් කෙටි දුර බස් ධාවකයන්ට දිනකට රුපියල් 1000 සිට 1200 දක්වා සහ දුර සේවා බස් ධාවකයින්ට දිනකට රුපියල් 1500 සිට රුපියල් 3000 දක්වා පාඩුවක් සිදුවන බවද කීය.

Related posts

ජනපතිගේ ගමේ පොදු වැසිකිලියේ දිවි ගෙවන අසරණ පවුලක්

colombotoday

“එට්කා අත්සන් කරොත් රටම අකර්මන්‍ය කරනවා” GMOA ආණ්ඩුවට රතු එළි දල්වයි

colombotoday

ටොනික් මූඩි අස්සේ හෙරොයින් විකුණූ ජෝනා මාට්ටු

Admin

“මින් පසු උතුරු නැගෙනහිර බෞද්ධ විහාර ඉදිකිරීම ඉඩ දෙන්නෑ” – ද්‍රවිඩ සන්ධානය රජයට දැනුම් දෙයි

colombotoday

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට

colombotoday