Colombo Today Local News

බස්නාහිර පළාතේ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 714ක් අත්අඩංගුවේ

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී ගත වූ පැය 24 තුළ හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 714 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන දක්වා මෙම වැටලීම් සිදුකර ඇති බව වාර්තා වේ.

මෙහිදි හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 218 දෙනෙකු ගංජා ළඟ තබාගත් පුද්ගලයින් 98 දෙනෙකු, නීති විරෝධි මත්පැන් සහ ගෝඩා ළඟ තබාගත් පුද්ගලයින් 320 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව අයිස්, මාවා, බාබුල්, ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 78 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Related posts

වැලන්ටයින් දවසේ එළියට ආ මෛත්‍රී-ජයන්ති ආදර අන්දරය…

colombotoday

පාස්කු ත්‍රස්තයන් හා අසාත් සාලිගේ සම්බන්ධය හිටපු පොලිස්පති පූජිත හෙළිකරයි !

colombotoday

ජාතික ගීයත් ද්‍රවිඩ බෙදුම්වාදයට බිළි දීලා.. ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්!

colombotoday

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday

එජාපයේ ඒකාධිපති ව්‍යවස්ථාව සංශෝධනය කර රනිල් එලවන්න සජිත් පිල සූදානම් !

colombotoday

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin