Colombo Today Local News

බස්නාහිර පළාතේ පැය 24ක මෙහෙයුමකින් සැකකරුවන් 400ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවි‍ධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් පුද්ගලයින් 330 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 72 කු ද අත්අඩංගුවට පත්ව තිබුණි.

එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 143 දෙනෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 108 යි මිලිග්‍රෑම් 48 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී කොකේන් ග්‍රෑම් 36 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

බරපතළ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 86 ක් පැය 12ක මෙහෙයුමකින් අත්අඩංගුවට

colombotoday

ප්‍රදේශ කිහිපයකට ඇදිරිනීතිය !

colombotoday

ඩීසල්-පෙට්‍රල් නැව් 2ක් ළඟ එනවා – ඇමති කංචන යලි කියයි

colombotoday

අද පාර්ලිමේන්තුව ආරම්භ වේ

Admin

ආගම්වලට අගෞරව වන ප්‍රකාශ නිකුත් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

Admin

අන්තවාදී ආගමික ප්‍රධානීන් රහස් සාකච්ඡාවක.. සිංහල-මුස්ලිම් ගැටුමක් ඇවිළවීමේ සැළසුමක් !

colombotoday