Colombo Today Local News

බස්නාහිර ඉන්න ලක්ෂ 5 ක් අවුරුද්දට ගමේ ගියොත් 20 දාටත් ඇඳිරිය ඉවත් නොවේ

කොරෝනා අධි වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බස්නාහිර පළාතේ තාවකාලිකව පදිංචි වී සිටින පිරිසට සිංහල අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට අවස්ථාව ලබාදුනහොත් ලබන 20 වැනිදායින් පසුවත් පවතින ඇඳිරිනීතිය ලිහිල් කිරීමට අවස්ථාව උදා නොවන බව අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය.

කොළඹ, ගම්පහ, කළුතර දිස්‍ත්‍රික්කවල තාවකාලිකව පදිංචි ලක්ෂ පහළොවකට ආසන්න පිරිසක් සිටින අතර ඔවුන්ගෙන් ලක්ෂ 5 කට ආසන්න පිරිසක් සිය ගම්බිම් බලා යාමට රජයෙන් ප්‍රවාහන පහසුකම් ඉල්ලා තිබේ. එහෙත් පවතින තත්ත්වය අනුව වෙනදා මෙන් එක බස් රථයක ගමන් කළ මගීන් ප්‍රවාහනයට බස් රථ තුනක්වත් යෙදවිය යුතුව තිබේ. මීට අමතරව මෙම ප්‍රදේශවලින් පිට පළාත්වලට යන ජනතාව නිවසේදීම දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක්කරන අතර ඒ අතර කොරෝනා ආසාදිතයකු සිටියහොත් ඉන් සිය පවුලේ සාමාජිකයන්ට එතැනින් සිය ඥාතීන්ටත් වැලඳී පසුව ගම්මාන පුරා එය පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

දැනට පවතින සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ මේ තත්ත්වයෙන් පවත්වාගෙන ගියහොත් ලබන 20 වැනිදායින් පසුව කොටස් වශයෙන් ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ අවධානයක් යොමුව ඇති බවද ඔහු සඳහන් කළේය.

Related posts

පාස්කු ප්‍රහාරය : අහමඩ් ලෙබ්බේ අලව්දීන් රිමාන්ඩ්

colombotoday

ජනපති මෛත්‍රී ඉන්දියාවට විරෝධය පායි.. සාම්පූර් බලාගාරය නවතී.. ගල් අගුරු වෙනුවට ද්‍රව බලාගාරයක්

colombotoday

දේශීය කර්මාන්තකරුවන්ට කුඩම්මාගේ සැලකිළි.. රිෂාඩ්ගේ අමාත්‍යාංශය ගලවන්නැයි ඉල්ලයි…

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ආදායම ඉහළට

Admin

ඉල්ලා අස් වූ ඇමතිවරු 5කට ලිපි භාරදෙන්න ජනපති නෑ

colombotoday

මහින්දයි මෛත්‍රිපාලයි එකතු කරලා අපි අනාගතයේදී ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා

colombotoday