Colombo Today Local News

බස්නාහිරින් පිටවන අය සොයා පොලිස් බුද්ධි මෙහෙයුමක්

නිරෝධායන නීති උල්ලංගනය කරමින් බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පොලිස් බුද්ධි අංශ යොදවා එම මෙහෙයුම් ආරම්භ කර ඇති බවය.

ඒ අනුව යම් පුද්ගලයෙකු නිරෝධායන කාලසීමාව තුළ බස්නාහිර පළාතෙන් පිටව ගොස් ඇත්නම් ඔහු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කොවිඩ් ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් පසුගිය 11 වන දින සිට ලබන 15 වන ඉරිදා මධ්‍යම රාත්‍රී දක්වා බස්නාහිර පළාතෙන් පිටව යාම තහනම් වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පතිවරයා,

“බස්නාහිර පළාතෙන් පිටවන සෑම ස්ථානයකම දැඩි පරීක්ෂාවකට ලක්කරන අතරම, අධිවේගී මාර්ගයේ ත් විශේෂිත කපොලු පිහිටා තිබෙනවා බස්නාහිර පළාතෙන් පිටතට යෑම පරීක්ෂා කිරීම සඳහා. අත්‍යාවශ්‍ය සේවාවල සාමාජික සාමාජිකාවන්ට තම රාජකාරී ඉටුකිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් බස්නාහිර පළාතෙන් පිටත එවැනි අවස්ථාවක දී යෑමට අවස්ථාව ලැබෙනවා. ඒ හැරෙන්නට වෙනත් කිසිවෙකුට බස්නාහිරින් පිටතට යෑමට අවසර ලැබෙන්නේ නෑ. බස්නාහිර පළාතට පැමිණීමට හැකියාව තිබෙනවා. යම් අයෙක් බස්නාහිර පළාතට පැමිණෙන්නේ නම් ඔවුන්ට පිටව යා හැක්කේ ඉරිදායින් පසුවයි.බස්නාහිර පළාතෙන් නිරෝධායන රෙගුලාසිවලට එරෙහිව පිටව ගොස් තිබේ නම් ඔවුන් ගැන සෙවීම සඳහා විශේෂ මෙහෙයුම්ක් ආරම්භ කර තිබෙනවා අනෙකුත් පළාත්වල. පොලිස් බුද්ධි අංශ යොදවා මේ ගැන විමර්ශන සිදුකරනු ලබනවා.”

Related posts

දේශපාලන පක්ෂ ඉවත් කරන්න මැතිවරණ කොමිසමට යෝජනාවක්

colombotoday

රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට

colombotoday

ඉසුරු බණ්ඩාර හා දයාසිරි ජයසේකරගේ දුරකථන හඬපටය ගැන බන්ධනාගාරයෙන් නිවේදනයක්

Admin

පොදු රැස්වීම් උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම්

colombotoday

අපි හයේ ඒවා හතරේ ඒවා ගහන්නේ ලබන මාසේ

Admin

පේරාදෙණිය උද්ඝෝෂණයට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday