Colombo Today Local News

බන්ට් එකේ කුඩු නෝනා අත්අඩංගුවේ

ගතවූ පැය විසිහතර තුළ බස්නාහිර පළාත තුළ හෙරොයින් සම්බන්ධ වැටලීම් කිහිපයක් සිදුකර තිබේ.

ජා-ඇල බෝධිරාජාරාම මාවතේ “බන්ට් එක” ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ජා-ඇල පොලිස් නිලධාරීන් විසින් ඊයේ (20)දින පස්වරුවේ සිදුකරන ලද වැටලීමේදී සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 180ක් පොලිස් බාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 35 හැවිරිදි ඇන්ජලී දිල්හානි නොහොත් “බන්ට් එකේ කුඩු නෝනා” ලෙස හැඳින්වුණු කාන්තාවක් වන අතර ඇය හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මීට පෙරද මහාධිකරණය හමුවේ වරදකරු වූ කාන්තාවකි.

අත්අඩංගුවට පත් කාන්තාව වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට අද (21)දින ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ජවිපෙත් සමග එක්වී සම්මතකරගත් 20 සංශෝධනය රැකගන්න TNA උසාවි යයි

colombotoday

“ජනාධිපති තාත්තා” ගැන දියණිය චතුරිකාගේ කියවීම (Video)

colombotoday

මගේ බෙල්ලත් දෙනවා, හදවතත් දෙනවා, සරුවාංගයම පරිත්‍යාග කරනවා !

colombotoday

ජනපතිට, ප්‍රභූන්ට හිරු එළිය ඇලජික්ලු… නිදහස් උත්සවය දෙකට කඩයි

colombotoday

හොරණදී වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

colombotoday

මේ රජයට ජාත්‍යන්තර සබඳතා ගැන වියත් දැනුමක් නැහැ

colombotoday