Colombo Today Local News

බදූර්දීන්ට එරෙහිව රතන හිමි ගේන විශ්වාසභංගයට අපේ සහය නෑ – ඒකාබද්ධ විපක්ෂය

රිෂාඩ් බදුර්දින් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය  ලබා නොදීමට තීරණය කර ඇති බව එහි උපසභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවැසීය.  

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට කටයුතු කළ අතුරුලියේ රතන හිමියන්ට වත්මන් ත්‍රස්තවාදය පරාජය කිරිමට කිසිම යෝජනාවක් ගෙන ඒමට අයිතියක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

“අතුරලියේ රතන හාමුදුරුවෝ වැනි උදවිය  කියනවා රිෂාඩ් බදුර්දින් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන  එනවා කියලා.  රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා පළවා හැරීම සම්බන්ධයෙන්යෙන් අපිට කිසිම ගැටලුවක් නෑ. ඔහු අන්තවාදීන් පෝෂණය කළ  පුද්ගලයෙක්. ඔහුට එරෙහිව රජය විසින් කිසිදු  පියවරක් ගන්නෙ නෑ. ඒත් සඳහා සියලු සාක්ෂි තිබෙනවා.

මේ විතරක් නෙමෙයි අන්තවාදය වපුරනවාන්නේ උත්සහ කරපු සියළුම මුස්ලිම් අන්තවාදී නායකයින් ගැන අපගේ  බරපතළ ගැටලුවක් තිබෙනවා.  නමුත් මේ  සියලු කටයුතුවල  මූලාරම්භය වුනේ  2015 ජනවාරි අටවෙනි දින මෙරට විජාතිකයන්ට පාවා දෙන ආකාරයට ගල් ලෙන බිඳලා ලෙන්දොර ඇරලා මහින්ද රාජපක්ෂ එළියට අරගෙන්මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න මුල් වෙච්ච  අතුරලියේ රතන හා හාමුදුරුවන්ට මේ ත්‍රස්ත ත්‍රස්තවාදී පරාජය කරන්න කිසිදු අයිතියක් නෑ.  ඒ නිසා උන් වහන්සේ ගෙන එන කිසිදු යෝජනාවකට අපගේ සහය සහයෝගයක් නෑ.  ඒක වගකීමෙන් යුක්තව කියන්න ඕන.”

අද.lk

Related posts

(Video) බොදු බල සේනා, සිංහල රාවය, රාවණ බලය එකම බලයකින් සන්ධානගත වේ!

colombotoday

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනයට අනුමැතිය

Admin

ත්‍රස්තවාදී සහ අන්තවාදී පාර්ශ්වයන්ට සහය දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරුන්

colombotoday

ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර දේශපාලනික හා ආගමික බලපෑම් සිද්ද වෙලා – යුරෝපා සංගමය පවසයි.

colombotoday

චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

colombotoday

උපදේශන සමාගමකට කෝටි කෝටි 88ක් දෙන්න නිමල්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය !

colombotoday