Colombo Today Local News

බදු වැඩිකිරීම හැර වෙනත් විසදුමක් රජයට නෑ – බන්දුලගෙන් අයවැය ගැන අනාවැකි

බදු වැඩිකිරීම හැර ආදායම් ලබා ගැනීම සඳහා වත්මන් රජයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් මෙවර අයවැයෙන් ද බදු ආදායම වැඩිකර ගැනීම වත්මන් රජයේ අරමුණ වි ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා කොළඹදී අද (10) පැවසීය.

මහින්ද රාජපක්ෂ රජය සමයේ පැවති රුපියල් බිලියන දහසේ බදු ආදායම වත්මන්  රජය යටතේ රුපියල් බිලියන දෙදහස දක්වා සියයට සියයකින් වැඩිවී ඇතැයිද   මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධුල ගුණවර්ධණ මහතා මෙසේද කීය.

‘‘2019 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළා . එහි දක්වා ඇති  ආකාරයට 2019 වර්ෂය සඳහා රුපියල් බිලියන 2232ක මුදලක් සම්මත කරගැනිම සදහා එම විසර්ජන පනත් කෙටුම්පත  ඉදිරිපත් කරලා තියෙනවා.

එම මුදල් ලබා ගැනිම සඳහා බදු හා බදු නොවන  ආකාරයට රජය ආදායම් රැස්කරගත යුතුයි. අයවැය දෙවන වර කියවන මාර්තු 5 වැනි දා තමයි මුදල් අමාත්‍යවරයා විසින් අදායම් උපදවන යෝජනාවල් ඉදිරිපත් කරනු ලබන්නේ.

2015 වසරේ සිට මේ රජයේ වියදම  දැරිම සඳහා ආදායම  ලබා ගැනීමට පාවිච්චි කරන්නේ ඉතාම පහසු හා  ජනනතාවට රිදෙන මූල්‍ය වන මහජනතාව  මත පනවන සෘජු හා වක‍්‍ර බදු දිගින් දිගටම ඉහළ නැංවීමයි.

බදු ඉහළ නැංවිම සම්බන්ධයෙන්  මේ රජයට තියෙන්නේ ලංකා  ඉතිහාසයේ වෙනත් කිසිදු රජයකට  නොතිබුණ වාර්තාවක්. බි‍්‍රතාන්‍යය යටත් විජිත යුගයේ වගේ ඉතා පහසුවෙන්  හිතෙන හිතෙන විදියට වියදම පියවා ගැනිම සඳහා මහජනතාව නොමරා මැරෙන විදියට බදු පවරමින් ඉන්නවා.

Related posts

විසල් මහනුවර අවසන් කෙටුම්පත ජනපතිට

Admin

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday

මම හිරේ ගියෙත් නෑ. චන්ද්‍රිකා වැව පිරිත් කලෙත් නෑ.. දොළුකන්දේ හාමුදුරුවෝ වසර ගණනාවකට පසු මහ කැලයක් මැදදී හමුවෙති

colombotoday

එකම දෙවියන් අදහන කතෝලික හා මුස්ලිම් අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ ගන්නා බවට වෛරී ප්‍රකාශයක්

colombotoday

එක එක්කෙනා කියන දේවල් කරන්න ලෑස්ති නෑ.. මගේ පැතුම බැසිල් – ඒකාබද්ධයේ විමලවීර

colombotoday

ජනපතිගේ සංහිදියා වැඩේට මුස්ලිම් නායකයන්ගේ උපරිම සහය…

colombotoday