Colombo Today Local News

බදුර්දීන්, හකීම් ඇතුළු පාර්ශව 12ක් වැලලෙන්න ඉල්ලා දැමූ පෙත්සම් යළි කැඳවීම 30 වැනිදා

කොවිඩ් මළසිරුරු පැය 24ක් ඇතුළත් ආදාහනය කෙරෙන ගැසට්ටුවට අදාළ 61 රෙගුලාසිය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මෙම 30 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26 වැනිදා) නියෝග කළේය.

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ මුස්ලිම් මක්කල් පක්ෂය, ඔහු ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නායක රවුෆ් හකීම් කොරෝනා රෝගයෙන් මිය ගිය අයකුගේ ඥාතියෙක් ඇතුළු 12 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ කොවිඩ් රෝගයෙන් මිය යන පුද්ගලයන්ගේ (විශේෂයෙන් මුස්ලිම් ජාතිකයන්ගේ) මළසිරුරු ඔවුන්ගේ සුපුරුදු ආගමික චාරිත්‍රවලට අනුව භූමිදාන කිරීමට ඉඩ දිය යුතු බවයි.

බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (26 වැනිදා) මෙම පෙත්සම කැඳවන ලදී.

Related posts

මෝදර පොලිස් බල ප්‍රදේශයේ මාර්ග 3ක් හුදකලා කරයි

colombotoday

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක

colombotoday

කැනඩාවට ගිය ශ්‍රී ලාංකික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු සිසුවා බීමත් රියදුරෙකුට බිලිවෙයි

Admin

අහුංගල්ලේ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වේ.. ප්‍රදේශ රැසකට විදුලිය නෑ !

colombotoday