Colombo Today Local News

බදියුදීන්ගේ ඇමරිකානු ගිණුමට ශ්‍රී ලංකාවෙන් ඩොලර් ලක්ෂයක් !

පසුගිය දින 52 ආණ්ඩුව කාලයේ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට අයත් ඇමෙරිකාවේ පිහිටි බැංකු ගිණුමකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ශ්‍රී ලංකාවේ සිට තැන්පත් කිරීම ගැන වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයාගෙනුත් රහස් පොලිසියෙනුත් ඉල්ලීමක් කරන බව ඇමැති විමල් වීරවංශ පවසයි.

මෙම ඇමෙරිකානු ඩොලර් ලක්ෂය තැන්පත් කිරීමෙන් අනතුරුව තවත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් තැන්පත් කිරීමට යාමේදී ඇමෙරිකානු එෆ්.බී.අයි. ආයතනයට ඒ පිළිබඳව සැක මතුවී එය නවතා ඇති බව ඇමැතිවරයා කියයි.

කර්මාන්ත අමාත්‍යාංශයේ ඊයේ (10 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

මෙම මුදල් කුමන පුද්ගලයෙක් කුමන කාරණයක් උදෙසා ලබා දුන්නේද යන්න පිළිබඳ සොයා බලන ලෙස ඇමැතිවරයා එහිදී අදාළ පාර්ශවවලින් ඉල්ලීමක් කළේය.

එමෙන්ම රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයා විවිධ පුද්ගලයන්ගේ නම්වලට ලබාගත් ඔප්පු පිටපත් 227ක් සහ මුල් ඔප්පු 8ක් පිළිබඳ තොරතුරු පවතින බැවින් ඔහු සතුව ඇති ඉඩම් ප්‍රමාණය විශාල බව මෙහිදී හෙළිදරව් කළේය.

සතොස ආයතනයේ බදියුදීන් කළ බව කියන අයථා ගනුදෙනුවලට අදාළ ලිපි ලේඛන රැසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින බැවින් ඒ පිළිබඳ කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් සඳහන් කෙරිණි.

එමෙන්ම මේ වන විට හෙළිවී ඇත්තේ රිෂාඩ් බදියුදීන්ට අයත් මහා ධනස්කන්ධයෙන් ඉතා සුළු ප්‍රමාණයක තොරතුරු බවද වීරවංශ ඇමැතිවරයා මෙහෙදී අවධාරණය කළේය.

Related posts

ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම කුඩු තොගය අල්ලයි… වටිනාකම කෝටි 295යි…

colombotoday

“අර්ධ අනාගමික, ෆෙඩරල් ව්‍යවස්ථාවකට හැමෝම උදව් කරන්න“ – මල්වතු නාහිමි නෑ කී දේ චන්ද්‍රිකා කියයි

colombotoday

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දේශපාලන දඩයම් මධ්‍යස්ථානයක් – ජවිපෙ

colombotoday

රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක්

colombotoday

Braking – යාපනයේ සරසවියේ සිංහල සිසුන්ට පහර දෙයි ?

colombotoday

අපේක්ෂකයින්ට අද සිට මනාප අංක නිකුත් කරයි

colombotoday