Colombo Today Local News

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු අත්අඩංගුවට ගත් සිව්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කිරුළපන පොලීසියට අධිකරණය අද (24)දින අවසර ලබාදී තිබේ.

ඒ ඇය ඇතුළු සැකකරුවන් සිව් දෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී අනෙක් සැකකරුවන් තිදෙනා බොරැල්ල පොලීසියේ පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා අවසර දී තිබුණි.

ඒ අතර රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ පියා, ඇයගේ සහෝදරයා සහ දැරියව රැගෙන පැමිණි තැරැව්කරු වෙයි.

Related posts

බොරලැස්ගමුවේ භික්ෂූන් වහන්සේලා ස්වයං නිරෝධානයට

colombotoday

අගමැතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

colombotoday

ජනපතිගෙන් සජිත්ට පිළිතුරු ලිපියක්

colombotoday

සියලු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට තිබූ බාධාව ඉවතට

colombotoday

දුම්රිය මැදිරි 120ක් ධාවනයෙන් ඉවතට

colombotoday

‘දානෙ වලදනවාට වඩා යැපුනේ බඩගෝස්තරයෙන්’ ඇමති ෆොන්සේකාගෙන් නැවතත් භික්ෂූන් වහන්සේලාට අවළාද [Video]

colombotoday