Colombo Today Local News

බංග්ලාදේශය ගත්ත ණය ගෙවීම ගැන මහබැංකු අධිපතිට මතක් කරයි

ලබන වසරේ මාර්තු මස බංග්ලාදේශය වෙත ගෙවීමට ඇති අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලංකා රජය විසින් නිසි පරිදී ගෙවීම් කටයුතු සිදු කරනු ඇති බවට තමන් අපේකෂා කරන බව බංග්ලාදේශය පවසයි.

එරට ඩකා ටි්‍රබියුන් වෙබ් අඩවිය වාර්තා කරන්නේම, බංග්ලාදේශ මහබැංකු අධිපති අබ්දුල් රවුෆ් තලුක්දර් මහතා සහ මෙරට මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ කරුණු සාකච්ඡා කර ඇති බවයි.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ශික රැස්වීමට සහභාගී වීම සඳහා දෙරට මහබැංකු අධිපතිවරුන් අමරිකාවේ වොශින්ටන් වෙත පැමිණි අවස්තාවේදී මෙම හමුව සිදුව ඇති බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.

විදේශ මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ පසුගිය වසරේදී බංගලාදේශය ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් මෙරට වෙත ලබා දුන් අතර පවතින ආර්ථික අර්බුධය හමුවේ අදාල ණය ආපසු ගෙවීමේ කාල සීමාව අවස්ථා දෙකකදී දීර්ඝ කිරීමට බංග්ලාදේශය කටයුතු කරනු ලැබීය.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වාරික 3ක් යටතේ එම ණය මුදල ගෙවීමට ලංකා රජය එකඟවී ඇති බැවින් ඒ අනුව අදාල ණය මුදල් නියමිත පරිදි ගෙවීම් කටයුතු සිදු කිරීමට ලංකා රජය කටයුතු කරනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි බංගලාදේශ මහබැංකු අධිපතිවරයා පවසා ඇත්තේ.

මේ අතර අමරිකානු එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප බාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ඇතුළු දූත පිරිසක් ලබන බදාදා දිනයේ මෙරටට පැමිණීමට නියමිතව ඇත.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 18 සිට දින 20කට වැසේ…

Admin

පාසල් ඇරඹිමත් සමග සිසු සැරියත් ක්‍රියාත්මකයි..

colombotoday

වෛද්‍ය ජී. විජේසූරිය ට අලුත් තනතුරක්

Admin

හතළිස්‌ වසරක්‌ දළදා කරඬුව වැඩම වූ මාළිගාවේ ඒකදන්තයා මියයයි (Photo)

colombotoday

හම්බන්තොට පිරිපහදුවට කැබිනට් අනුමැතිය ගත්තේ කංචන?

Admin

“මේ රටේ බෞද්ධයෝ නැතිවුනොත් හින්දුන්ට ඇඩ්රස් නැතිවෙලා, නන්නත්තාර වෙලා යනවා”

colombotoday