පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිලදීගැනීමක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත. ඒ අනුව මෙගාවොට් 100ක විදුලි ධාරිතාවයක් මෙසේ මිලට ගැනීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේද අවසරය හිමිව ඇත.
අප්‍රේල් මස 20 වැනිදා සිට ග්‍රීඩ් උපපොල 6ක් ඔස්සේ මෙය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.