Colombo Today Local NewsCovid 19

පෝලන්ත ජාතිකයින් 04ක් කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට !

රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ, එය නිමා කර රටින් පිටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයින් 04දෙනෙකුගේ කොරෝනා වයිරස රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා, කටුනායක ගුවන් තොටුපළ තිබූ විශේෂ ගිලන් රථ මගින් කොළඹ අයි.ඩී.එච්. වසංගත රෝග රෝහල වෙත යැවීමට අද (14) උදෑසන පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

මොවුන් අද (14) උදෑසන 9.00ට රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන ගුවන් යානයෙන් යාම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මේ අතර අද (14) උදෑසන 7.00ට පමණ වනවිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි ගුවන් මගීන් 1631ක් පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත නිරෝධායන කටයුතු සදහා යොමු කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.

දියතලාව සහ කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථාන මේ වනවිට සූදානම් කර ඇතත්, මේ වනතෙක් කටුනායක ගුවන් තොටුපළ සිට මෙම මධ්‍යස්ථාන වෙත ගුවන් මගීන් යොමු නොකර ඇති බව ද අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේය.

ඒ අතර මෙසේ ගුවන් මගීන්ට පිවිසීමට තහනම් රටවල් අතරට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව යන රටවල් 08ද එක් කර ඇති අතර, එම තහනම අද (14) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

Related posts

මැයි 24 – 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

කුරුණෑගල නගරාධිපති නඩු කියන්න නගර සභාවෙන් සල්ලි ඉල්ලයි

colombotoday

2020 ජනපතිවරණයේ එජාප අපෙක්ෂකයා ගැන නවීන්ගෙන් ඉගියක්…

colombotoday

සෞඛ්‍ය ඇමතිට සහ ලේකම්ට ඉවත්වන්නැයි සත්‍යග්‍රහයක් අරඹයි

Admin

තිස්ස විහාරේ සිද්ධිය වාර්තා කරන්න ගිය මධුභාෂණට වට්ස්ඇප් මැර තර්ජන

Admin